
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සාර්ව ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා රජය ගෙන ඇති විවිධ ක්‍රියාමාර්ග ගැන සඳහන් කරමින් අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) බංග්ලාදේශ ආර්ථිකය නිවැරදි මාවතක ගමන් කරන බව ප්‍රකාශ කර ඇත.
“වැඩසටහනේ පරමාර්ථය සපුරාලීම, උද්ධමනය පාලනය කර ගැනීම සහ දුෂ්කර ගෝලීය පරිසරය හමුවේ සාර්ව ආර්ථික අභියෝගවලට මුහුණ දීම සම්බන්ධයෙන් බංග්ලාදේශයේ ආර්ථිකය නිවැරදි මාර්ගයේ ගමන් කරන බව මම සිතමි” යනුවෙන් IMF හි ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ක්රිෂ්ණ ශ්‍රීනිවාසන් පවසා තිබේ.
මූල්‍ය අරමුදලේ අධ්යක්ෂවරයා මේ බව ප්‍රකාශ කළේ ලෝක බැංකු සමූහයේ සහ IMF හි වාර්ෂික රැස්වීම්වල කොටසක් ලෙස “ආසියානු පැසිෆික් සඳහා ආර්ථික ඉදිරි දැක්ම” මැයෙන් ජනමාධ්‍ය හමුවක් අමතමිනි.
ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් පවසා ඇත්තේ, සාර්ව ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා බංග්ලාදේශ බලධාරීන් සැළකිව යුතු පියවර ගෙන ඇති බවයි.
“උද්ධමනය අඩු කිරීම සඳහා ඔවුන් මුදල් ප්‍රතිපත්තිය දැඩි කර ඇත. ඔවුන් වඩාත් නම්‍යශීලී විනිමය අනුපාතයකට ඉඩ දී ඇත,” ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart