
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන බඩෝවිට නලින් නැමැත්ගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝලයන් තිදනකු අයිස් මත්ද්‍රව්‍ය සමග විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශයට ලද තොරතුරුවලට අනුව විශේෂ නිලධාරීන් කණ්ඩායමක් 2023.05.16 වන දින ගල්කිස්ස පොලිස් වසමේ දී වැටලීම් 03 ක් සිදුකර ඇත.
එහි දී ජාවාරම් කිරීම සදහා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250 ක්, මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ලද මුදල් රුපියල් 162,000.00 ක්, කේරළ ගංජා කිලෝ 05, ග්‍රෑම් 320 ක් හා මත් පුවක් හා දුම්කොළ මිශ්‍ර මාවා කිලෝ 16, ග්‍රෑම් 450 ක් සන්තකයේ තබාගෙන සිටි රත්මලාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මොවුන් තිදෙනා දෙහිවල, ගල්කිස්ස, රත්මලාන යන ප්‍රදේශ වල මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන බඩෝවිට නලින් නැමැත්ගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝලයන් තිදෙනා බවට තොරතුරු අණාවරනය වී ඇත්තේ එහිදීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart