
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය දිනාගැනීම සඳහා අවසන් මහා තරගයේදී ඉන්දියාව පරදවා විශිෂ්ට දස්කම් දැක්වීමට ඕස්ට්‍රේලියාව සමත් විය.
සිය කණ්ඩායම ජයගනු දැකීමේ කැමැත්තෙන් ඉන්දීය ක්‍රිකට් ලෝලීන් 130,000කට වැඩි පිරිසක් නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගණයට පැමිණ සිටි නමුත්, අද ඕස්ට්‍රේලියාවේ දිනය විය.
ඕස්ට්‍රේලියානු පන්දු යැවීමේ බලඇණිය එක්ව වේගවත් ප්‍රබල ක්රියාදාමයකින් පසුව ඉන්දියාව ලකුණු 240කට සීමාකරනු ලැබීය.
ට්‍රැවිස් හෙඩ් දිනයේ තරුව වූ අතර, ICC ක්‍රිකට් ලෝක කුසලාන කිරුළ දිනාගැනීම වෙනුවෙන් ඔහුගේ ශතකය ප්‍රධානම සාධකය විය.
කෙසේවෙතත් ඕස්ට්‍රේලියානු ඉනිමේ ආරම්භය එතරම් සාර්ථක නොවීය.
ඩේවිඩ් වෝනර් (7), මිචෙල් මාෂ් (15) සහ ස්ටීවන් ස්මිත් (4) අඩු ලකුණු සංඛ්‍යාවකට දැවීගිය අතර, ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව ආරම්භක ඕවර හත තුළදී 47/3 ලෙස දැක්විණි.
එහිදී මොහොමඩ් ෂාමි සහ ජස්ප්‍රිට් බුම්රා කඩුලු දවාගත්හ.
එහෙත් ට්‍රැවිස් හෙඩ් සහ මානස් ලැබුෂෙන්ගේ විශිෂ්ඨ සම්බන්ධතාව හේතුවෙන් ඉන්දියාවට ඉන් ඔබ්බට සාර්ථකත්වයක් ලබාගැනීමට නොහැකි විය.
තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 02ක් පමණක් තිබියදී හෙඩ් ලකුණු 137කට දැවීගිය නමුත්, ග්ලේන් මැක්ස්වෙල් පිටියට පිවිස ඉතිරි ලකුණු 02 සම්පූර්ණ කරනු ලැබීය.
ඒ අනුව, ඕස්ට්‍රේලියාව කඩුලු 06ක් සහ ඕවර 07ක් ඉතිරිව තිබියදී මෙවර ලෝක කුසලාන ජයග්‍රහණයට හිමිකම් කීවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart