
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕස්ට්‍රේලියාව විසින් ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදෙස් සමාලෝචනය කර ඇති අතර, මහජන පෙළපාලි හේතුවෙන් ප්රවේශම්වීමේ අවශ්‍යතාවය පවත්වා ගැනීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකාව සඳහා තම උපදෙස් සමාලෝචනය කළ නමුත්, උපදෙස් මට්ටම වෙනස් කර නොමැති බව ඕස්ට්‍රේලියානු රජය සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාව පුරා මහජන පෙළපාලි ඇතිවිය හැකි අතර ප්‍රචණ්ඩකාරී විය හැකි බැවින්, පෙළපාලිවලින් බලපෑමට ලක් වූ ප්‍රදේශවලට යෑමට වළකින ඕස්ට්‍රේලියාව සිය රටවැසියන්ට දැනුම්දී ඇත.
පෙළපාලි නිසා ගමනාගමනයට සහ පොදු ප්‍රවාහනයට බාධා ඇති විය හැකි අතර, පොදු හදිසි අවස්ථා ප්‍රකාශ කළ හැකි බවත්, කෙටි දැනුම්දීමකින් ඇඳිරි නීතිය පැනවිය හැකි බවත්, එම සංචාරක උපදේශනය පවසයි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ඇතැම් ආනයනික ආහාර සහ ඖෂධ හිඟයක් පවතින බව ඔස්ට්‍රේලියානු රජය පවසයි.
ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදී ප්‍රහාරයක් ඇතිවීමේ අවදානමක් පවතින බවත්, විදේශිකයන් සහ සංචාරකයන් පැමිණෙන ප්‍රදේශ ත්රස්තවාදීන් ඉලක්ක කළ හැකි බවටත්, අනතුරු අඟවා තිබේ.
ක්‍රෙඩිට් කාඩ් වංචාව, අධික මිල ගණන් සහ ව්‍යාජ භාණ්ඩ ඇතුළු වංචා බහුලව සිදුවන අතර ලිංගික අතවර, හිරිහැර සහ මංකොල්ලකෑම් ඇතුළු අපරාධ සිදුවිය හැකි බව ද ඔවුන් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart