
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමාට චෝදනාව එල්ල කළ කාන්තාවගෙන් වන්දි ඉල්ලා නඩුවක් පැවරීමට ඕස්ට්‍රේලියානු නෛතික තත්ත්ව තුළ නොහැකි බැවින්, නඩු ගාස්තු අයකරගැනීම වෙනුවෙන් සිවිල් නඩුවක් පැවරීමට බලාපොරොත්තු වන බව ඊයේ රාත්‍රීයේ ඕස්ට්‍රේලියාවේ සිට දිවයිනට පැමිණි ධනුෂ්ක ගුණතිලක පැවැසීය.
ඕස්ට්‍රේලියාවේ පසුගිය වසරේ පැවැති පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය අතරතුර ලිංගික අතවර චෝදනාවකට අත්අඩංගුවට පත්ව, ඒ සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයකින් නිවැරදිකරු වී, මාස 11කට පසු දිවයිනට පැමිණි ධනුෂ්ක ගුණතිලක ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.
ක්‍රිකට් ක්‍රිඩාවේ සහ අනෙකුත් ක්‍රීඩාවල නිරතවන ක්‍රීඩකයන්ට එල්ලවන පීඩනය දරාගැනිමේ පළපුරුද්ද, තමන් මුහුණදුන් මෙම අත්දැකිමෙන් ලැබුණු බව ප්‍රකාශ කළ ධනුෂ්ක කියාසිටියේ, ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවීම සඳහා තමන් යළි පුහුණුවීම් ආරම්භ කරන බවයි.
ක්‍රිකට් ආයතනය හෝ ක්‍රීඩා අමාත්‍යාංශය පනවන කොන්දේසි යටතේ ක්‍රීඩා කිරීමට කැමතිද යන්න,පිළිබඳව එහිදී ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් ධනුෂ්ක පැවැසුවේ, එම කොන්දෙසි මොනවාද යන්න ගැන පිළිබඳව විමසා බැලිය යුතු බවයි.
කෙසේවෙතත් වයස අවුරුදු 32ක්වන තමන්ට තවදුරටත් ක්‍රිකට් ක්‍රිඩාවේ නිරත විය හැකි බවද ඔහු සදහන් කළේය.
තමන් අසීරුතාවට පත්වූ අවස්ථාවේ උපකාර කළ සියලුදෙනාට මෙන්ම ක්‍රිකට් ආයතනයට ද ස්තුති කරන බව එහිදී ධනිෂ්ක පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart