
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි කැරාරා හි ක්‍රීඩා පිටියක පැවති ලීග් ක්‍රිකට් තරගයකදී එක පන්දු ඕවරයකදී කඩුලු 06ක් දවා ගැනීමට පන්දු යවන්නෙක් සමත්වී තිබේ.
Surfers Paradise ක්‍රිකට් සමාජය සහ Mudgeeraba ක්‍රිකට් සමාජය අතර පැවති එම තෙවැනි පෙළ ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් Mudgeeraba කණ්ඩායම ලකුණු 178ක් රැස්කළේය.
ඒ අනුව තරගයේ අවසාන ඕවරයෙදී Surfers Paradise කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණේ ලකුණු 5කි. ඒ සඳහා ඔවුන් සතුව කඩුලු 06ක් තිබුණි.
Mudgeeraba කණ්ඩායමේ නායක Gareth Morgan එම පන්දු ඕවරය යැවීමට තීරණය කළේය.
ඔහු එහිදී සිදුකළේ කිසිවෙක් බලාපොරොත්තු නොවූ දෙයකි.
එනම් එම ඕවරය තුළදී ප්‍රතිවාදී කඩුලු 06ම දවාගෙන තරගය ජයගැනීමට ඔහු සමත් විය.(AD)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart