June 21, 2023

අළුබදු තරගාවලියේ බර්මිංහැම් හි පැවති පළමු තරගය එංගලන්තය පරදවා ඔස්ට්‍රේලියාව කඩුලු 02කින් ජයගත්තේය.

09 වැනි කඩුල්ලට නායක පැට් කමින්ස් හා නේතන් ලයන් පන්දු 72කදි ගොඩනැගු ලකුණු 55 ක පිතිකරණ සබදතාව ජයග්‍රහණයට  ඉවහල් විය.

වර්ෂාව හේතුවෙන්  අවසන්  දිනය වූ ඊයේ(20) පැය කිහිපයක ප්‍රමාදයකින් තරගය ආරම්භ කෙරිණි.

ලකුණු 281ක ජයග්‍රහණයක් සදහා දෙවන ඉනිම ආරම්භ කළ ඔස්ට්‍රේලියාවේ 08 වැනි කඩුල්ල ලෙස ඇලෙක්ස් කේරී දවාගැනීමට ජෝ රූට් සමත්වූයේ, ඔහු විසින්ම යොමුකළ පන්දුවට උඩපන්දුවක් රැකගනිමින්ය.

ඒ අනුව පළමු තරගයේ ජයග්‍රහණයේ වාසිය එලන්තය දෙසට හැරි තිබිණි. තරගය ජය ගැනීම සදහා ඔස්ට්‍රේලියාවට ලකුණු 54ක් අවශ්‍ය ව තිබු අතර නායක පැට්  කමින්ස් සහ නේතන් ලයන් එම ඉලක්කය සපුරා ගත්තේ එංගලන්තයේ ජයග්‍රහණය උදුරා ගනිමිනි.

කමින්ස් නොදැවි ලකුණු 44ක් රැස්කළේය. ඊ⁣ට හයේ පහර 02ක් සහ හතරේ පහර 04ක් අන්තර්ගත ගත විය.

එංගලන්ත 393ට කඩුලු 08ක්ව තිබියදි සිය පළමු ඉනිම අත්හිටවූ අතර ඔස්ට්‍රේලියාව පළමු  ඉනිමට ලකුණු 386ක් රැස් ක⁣ළේය.

දෙවැනි ඉනිමට එංගලන්තය ලකුණු 273ක් රැස් කළේය.

ඕස්ට්‍රේලියාව කඩුලු 08ක් දැවී තිබියදී ලකුණු 282 ක්  ලබාගනිමින් තරගය ජය ගත්තේය.