
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පැසිෆික් කලාපය තුළ තම මිලිටරි බලය ශක්තිමත් කර ගැනීමට චීනය දැඩි උත්සාහයක නිරත වන පසුබිමක, වනුආටු දූපත් සමූහය තුළ කිසිදු විදේශීය හමුදා කඳවුරක් ඉදි නොකරන බවට සහතික වන නව ගිවිසුමකට එළඹුණු බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ප්‍රකාශ කර තිබේ.
චීනයෙන් එල්ල වූ දැඩි බලපෑම් හේතුවෙන් මෙහි මුල් සැලසුම වසරකට ආසන්න කාලයක් ප්‍රමාද වීමට සිදු වූ අතර කැන්බරා නුවරදී ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සහ වනුආටු අග්‍රාමාත්‍ය ජෝතම් නැපට් විසින් මෙම නකමාල් ගිවිසුමට අත්සන් තබන ලදී.
“මෙම ගිවිසුම මඟින් වනුආටු රාජ්‍යයේ විශාලතම මෙන්ම ප්‍රධානතම ආර්ථික, ආරක්ෂක සහ සංවර්ධන හවුල්කරුවා ලෙස ඔස්ට්‍රේලියාව සතු භූමිකාව යළිත් තහවුරු කෙරෙනවා. එය අප ඉතා වගකීමෙන් සලකන කාර්යභාරයක්,” යනුවෙන් අග්‍රාමාත්‍ය ඇල්බනීස් පැවසීය.
“දෙපාර්ශ්වයේම ස්වෛරීභාවය සහ සාමූහික ආරක්ෂාව සුරැකෙන පරිදි ඉතා සමබර ගිවිසුමකට අප එළඹ තිබෙනවා. එමෙන්ම, අප දෙරටේම නිවහන බඳු වූ මෙම කලාපයේ ස්ථාවරත්වය, සමෘද්ධිය සහ ආරක්ෂාව වෙනුවෙන් මෙය මහත් පිටුවහලක් වනු ඇති.”
පැසිෆික් කලාපයේ ආරක්ෂාව යනු එම කලාපීය පවුලේ සහ ‘පැසිෆික් දූපත් සංසදයේ’ සාමාජිකයින්ගේ හවුල් වගකීමක් බව මෙම ගිවිසුම මඟින් තවදුරටත් ඉදිරියට ගෙන යන බව හෙතෙම සඳහන් කළේය. චීනය මෙම සංසදයේ සාමාජිකයෙකු නොවේ.
“කිසිදු විදේශීය මිලිටරි කඳවුරක් හෝ යටිතල පහසුකමක් සඳහා තම භූමිය භාවිතා කිරීමට ඉඩ නොදීමටත්, තම රටේ සංවේදී යටිතල පහසුකම් මිලිටරිකරණයෙන් තොරව තබා ගැනීමටත් වානුවාටු රාජ්‍යය ගත් ස්වාධීන තීරණය මෙම ගිවිසුම තුළ අන්තර්ගතයි,” යනුවෙන් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
වනුආටු රාජ්‍යයේ සංවේදී යටිතල පහසුකම් සඳහා විදේශීය ආයෝජන සීමා කෙරෙන මුල් ගිවිසුමේ කොන්දේසි හේතුවෙන් චීනයෙන් ලැබෙන මූල්‍ය ආධාර නතර වනු ඇතැයි අග්‍රාමාත්‍ය නැපට්ගේ සභාග ආණ්ඩුවේ සාමාජිකයෝ මීට පෙර බිය පළ කළහ.
එම බලාපොරොත්තු නොවූ බාධාව හේතුවෙන්, පසුගිය වසරේදී විශාල ප්‍රචාරණයක් ලබා දෙමින් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා වනුආටු රාජ්‍යයේ කළ සංචාරය අවසන් කිරීමට සිදු වූයේ කිසිදු නිල එකඟතාවයකින් තොරව, සමූහ ඡායාරූප සහ ඉදිරියේදී සාකච්ඡා පවත්වන බවට වූ පොරොන්දු පමණක් ඉතිරි කරමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart