
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඕස්ට්‍රේලියාව අද සමත්විය.
කොල්කටා හි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදි අද (16) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකාව කඩුලු 03කින් පරාජයට පත්කරමින් ඕස්ට්‍රේලියාව 08වැනි වරටත් ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබුවේය.
දකුණු අප්‍රිකාවට මෙවර තරගාවලියේදීද ලෝක කුසලාන අවසන් මහා තරගයට පිවිසීමට නොහැකිවීම ද විශේෂත්වයකි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 49යි පන්දු 04කදී ලකුණු 212කට සියලුදෙනා දැවීගියේය.
එහිදි විශිෂ්ට සහ ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩාකළ ප්රවේගකාරි පිතිකරු ඩෙවිඩ් මිලර් පන්දු 116කදී ලකුණු 101ක් රැස්කළේය. ඊට හයේ පහර 05ක් සහ හතරේ පහර 08ක් ඇතුළත් විය.
පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මිචෙල් ස්ටාක් සහ නායක පැට් කමින්ස් කඩුලු 03 බැගින් දවාගත්හ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 02ක් අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 215ක් රැස්කරමින් තරගය ජයගනු ලැබුවේය.
එහිදී ට්‍රැවිස් හෙඩ් ලකුණු 62ක් රැස්කළේය.
ඒ අනුව, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට ලබන 19වැනිදා අහමදාබාද් හිදී තරග වදිනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart