
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ නැකැත් දෝෂ සහිත බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරණ රාජ්‍ය ජ්යෝතිඃශාස්ත්රඥ කමිටුව, ප්‍රායෝගික දුෂ්කරතා මධ්‍යයේ වුවද චාරිත්‍ර සඳහා සුදුසුම වේලාව අවශ්‍ය බව පවසමින් රාත්‍රියේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර පැවැත්වීම සඳහා නැකැත් නියම කිරීම සාධාරණීකරණය කළේය.
කමිටු සාමාජික ජෝතිර්වේදී ජී.එම්. ගුණපාල, අප්‍රේල් 13 වැනිදා රාත්‍රී 9.05 ට සූර්ය සංක්‍රාන්තිය සිදුවන බවත්, සූර්ය සංක්‍රාන්තිය සිදුවන රාත්‍රී 9.05 සිට පැය හයක් විනාඩි විසිහතරක් ඇතුළත අලුත් අවුරුදු චාරිත්‍ර නැකැත් වේලාවට නම් කළ යුතු බවත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.
රාහු කාලය මගහැර පැය හයයි විනාඩි විසිහතරක් තුළ රාත්‍රී කාලයේ නැකැත් නියම කළ බව ඔහු සඳහන් කළේය.
“රාත්‍රියේ අවුරුදු චාරිත්‍ර පැවැත්වීමේ ප්‍රායෝගික ගැටළු අපි පිළිගන්නවා. නමුත්, චාරිත්‍ර වාරිත්‍ර පැවැත්වීමේ ප්‍රායෝගික දුෂ්කරතාවලට වඩා චාරිත්‍ර සඳහා හොඳම කාලය නියම කිරීමට රාජ්‍ය ජ්යෝතිඃශාස්ත්රඥ කමිටුවට අවශ්‍ය වුණා” ඔහු පැවැසීය.
කාරක සභික ජ්යෝතිඃශාස්ත්රඥ ආනන්ද සෙනෙවිරත්න පැවැසුවේ වසර හතරකට වරක් මෙවැනි නැකැත් උදාවන බවත්, නියමිත වේලාවන් අනුගමනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්ය.
ජ්‍යොතිෂවේදී ඒ.කේ.යූ. සරත්චන්ද්රපැවැසුවේ, කමිටුවේ බහුතරය විසින් නියමිත වේලාවන් අනුමත කළ බවත්, ඊට විරුද්ධ වී ඇත්තේ 42 දෙනාගෙන් පස් දෙනකු පමණක් බවත්, ඔවුන් දිවා කාලයේ නැකැත් වේලාවන් අවශ්‍ය පැවැසූ බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart