
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හැව්ලොක් සිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයෙන් රන් ආලේපිත T-56 වර්ගයේ ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇත.
මෙම සිදුවීමට සම්බන්ධ අනෙක් සැකකාරිය වන අයිගුල් ෂෙරග්සිනා නමැත්තියට එරෙහිව ද නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කෙරුණු පරීක්ෂණවලට අදාළව පසුගිය වසරේ මැයි 23 වැනි දින හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
කෙසේවෙතත්, සිද්ධියට සෘජු හෝ තදබල පරිවේෂණීය සාක්ෂි නොමැති බව සඳහන් කරමින් පසුගිය වසරේ ජූලි 29 වැනි දින එවක ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා විසින් ඔහු ඇප මත මුදා හැරීමට නියෝග කළාය.
දුමින්ද දිසානායක මෙම නඩුවේ සැකකරුවකු ලෙස නම් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි පවතින බව නීතිපතිවරයා දැනුම් දීමෙන් පසුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා එන්. සිල්වා විසින් මෙවර ජූනි 19 වැනි දින නිවේදන නිකුත් කරමින් ජූලි 7 වැනි දින නැවත අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු අමාත්‍යවරයාට නියෝග කරන ලදී.
පරීක්ෂණ අවසානයේ නීතිපතිවරයා විසින් සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ සාක්ෂි සලකා බලමින් කොළඹ මහාධිකරණයේ මෙලෙස නඩුවට අදාළව අධිචෝදනා ගොනු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart