
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීති වෘත්තියේ ආචාරධර්ම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ මහනුවර පදිංචි නීතිඥවරයකු සේවයෙන් ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
විශ්‍රාමික මේජර් ඩබ්ලිව්. එස්. එල්. එස්. පලිපාන ගොනුකළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබාදී ඇත.
2006 මාර්තු 01 සහ 2007 පෙබරවාරි 15 යන දිනවල ඔහු නඩුවක කටයුතු කිරීම සඳහා වගඋත්තරකරු නීතිඥවරයා පත්කර ඇති අතර පෙත්සම්කරු සඳහන් කර ඇත්තේ, එම සේවාව සඳහා රුපියල් ලක්ෂයක් ඉල්ලා සිටි බවත් ඔහුට රුපියල් 50,000 ක අත්තිකාරමක් ලබාදුන් බවත්ය.
කෙසේවෙතත්, පොරොන්දු වූ පරිදි සේවාවන් ලබාදීමට අපොහොසත් වීමෙන් පසුව, පෙත්සම්කරු 2008 පෙබරවාරි 27 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ.
දීර්ඝ විමර්ශනයකින් පසු, විනිසුරු ශිරාන් ගුණරත්නගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නිගමනය කළේ, වගඋත්තරකරුගේ ක්‍රියාවන් නීති වෘත්තියේ අඛණ්ඩතාවයට සහ කීර්තිනාමයට බරපතල හානියක් සිදුකර ඇති බවයි.
නීති ක්ෂේත්රයේ කටයුතු කිරීම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත කළ යුතු වරප්‍රසාදයක් නොව, අවංකභාවය සහ වගවීම ඉල්ලා සිටින ගෞරවනීය මහජන විශ්වාසයක් බව විනිසුරු ගුණරත්න අවධාරණය කර ඇත.
නීතිඥවරයාගේ නම නීතිඥ ලැයිස්තුවෙන් ඉවත්කරන ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්රාර්වරයාට ද නියෝග කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart