
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023.05.20 වන දින සවස් කාලයේ අතුරුගිරිය මයිලංගම මාර්ගයේ ක්‍රීඩාංගණය අසලදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් යතුරුපැදියක ගමන් කළ පිරිමියකු සහ කාන්තාවක හප්පා මරාදැමීමට උත්සාහ කර තිබේ.
මෙහිදී තුවාල ලැබූ කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත. තුවාලකාරිය වයස අවුරුදු 26 ක් වූ හෝමාගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.
තුවාලකාරිය ගණිකා වෘත්තියේ යෙදෙන බවට ඇයගේ දුරකථන අංකය සහ වෙනත් කාන්තාවකගේ ඡායාරූපයක් අන්තර් ජාලයේ පලකර දැන්වීමක් පල කර ඇත.
පසුව ඡායාරූපය පළ කර ඇති කාන්තාවගේ පෙම්වතා විසින් දුරකථන අංකයට ඇමතුමක් ලබාදී, ගණිකා වෘත්තියේ යෙදෙන ලෙස පැමිණෙන ලෙස කරන ලද දැනුම් දීම මත, මෙම තුවාලකාරිය තවත් පුද්ගලයකු සමඟ යතුරු පැදියෙන් පැමිණ තිබේ.
දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයා මෝටර් රථයකින් තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමඟ පැමිණ සිටියදී දෙපිරිස හඳුනාගෙන ඇත.
පසුව යතුරුපැදිය පළායෑමට උත්සාහ කිරීමේදී, මෝටර් රථයේ පැමිණි පිරිස යතුරු පැදිය හප්පා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කර තිබේ.
අපරාධය සඳහා පැමිණි සැකකරුවන් තිදෙනකු, සැකකරුවන් පැමිණි මෝටර් රථය සමග පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 21 සහ 22 වයස් වල පසුවන අතුරුගිරිය සහ හෝමාගම ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් 2023.05.20 වන දින කඩුවෙල ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, 2023.05.26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart