March 20, 2026

කටාර් හි රාස් ලෆාන් කාර්මික නගරයට එල්ල වූ මිසයිල ප්‍රහාරවලින් LNG සහ GTL මධ්‍යස්ථානවලට විශාල හානියක් සිදු වූ බවත්, එමඟින් කටාර්හි LNG අපනයන ධාරිතාව 17%කින් අඩු වූ බවත් එරට රජයට අයත් ඛනිජ තෙල් සමාගමක් වන QatarEnergy තහවුරු කර තිබේ.

මාර්තු 18-19 දිනවල එල්ල වූ මෙම ප්‍රහාරවලින් අහිමි වූ අපනයන ධාරිතාව වාර්ෂිකව ඩොලර් බිලියන 20කට ආසන්න බව එම සමාගම තහවුරු කරයි.

බලශක්ති කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සහ QatarEnergy හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී සාද් ෂෙරීඩා අල්-කාබි පැවසුවේ, ExxonMobil සමඟ ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වන LNG ප්‍රවාහන දුම්රිය 6කට සිදුව ඇති හානිය වාර්ෂික නිෂ්පාදනයෙන් ටොන් මිලියන 12.8ක් බවයි.

මෙහි අලුත්වැඩියාවන් සඳහා වසර තුනක් හෝ පහක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

චීනය, දකුණු කොරියාව, ඉතාලිය සහ බෙල්ජියම වෙත සැපයුම් සඳහා මෙන්ම යුරෝපයේ සහ ආසියාවේ වෙළඳපොළවල සැපයුමට බලපෑම් ඇති කරමින්, ඇතැම් කොන්ත්‍රාත්තු සඳහා දිගුකාලීන බලපෑමක් ප්‍රකාශ කිරීමට QatarEnergy සමාගමට මේ යටතේ බල කෙරෙයි.

මෙම ප්‍රහාර ෂෙල් සමාගම විසින් ක්‍රියාත්මක කරන ලද පර්ල් GTL පහසුකමට ද බලපෑ අතර, එහි දුම්රිය දෙකෙන් එකක් අවම වශයෙන් වසරක්වත් අක්‍රිය වනු ඇති බවට සැක කෙරේ.

අමතර නිෂ්පාදන පාඩු අතරට ස්වාභාවික ගෑස් ද්‍රව (බැරල් මිලියන 18.6), LPG (මෙට්‍රික්ටොන් 1.281), නැප්තා (මෙට්‍රික්ටොන් 0.594), සල්ෆර් (මෙට්‍රික්ටොන් 0.18) සහ හීලියම් (මෙට්‍රික්ටොන්309.54) ඇතුළත් වේ.

ගුවන් ප්‍රහාරවලින් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බව අමාත්‍ය අල්-කාබි සඳහන් කළ අතර, ප්‍රහාර ගෝලීය බලශක්ති ආරක්ෂාව සහ ස්ථාවරත්වයට එල්ල වූ ප්‍රහාරයක් ලෙස ඔහු විස්තර කළේය.

තත්ත්වය පාලනය කිරීම සඳහා කටාර්හි හමුදා, ආරක්ෂක හමුදා සහ බලශක්ති අංශයේ හදිසි කණ්ඩායම්වල කඩිනම් ප්‍රතිචාරය ඔහු අගය කළේය.