
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරමින් තිබූ ඛනිජ තෙල් ප්‍රවාහන නෞකාවකට සෙනසුරාදා දින හඳුනා නොගත් ප්‍රක්ෂේපණ ප්‍රහාරයක් එල්ල වී ඇති බව බ්‍රිතාන්‍ය සමුද්‍ර වෙළඳ මෙහෙයුම් අංශය පවසයි. ප්‍රහාරයෙන් නෞකාවේ පාලන මැදිරියට හානි සිදුව ඇති අතර, එහි සිටි කාර්ය මණ්ඩලයේ සියලුම සාමාජිකයින් නිරුපද්‍රිතව පසුවන බව වාර්තා වේ.
එක්සත් රාජධානියේ සමුද්‍ර වෙළඳ මෙහෙයුම් අංශය නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම අනතුර සිදුව ඇත්තේ ග්‍රිනිච් වේලාවෙන් පෙරවරු 08:00 ට පමණ වන අතර, නෞකාවේ කප්පිත්තා විසින් මේ බව බලධාරීන් වෙත දැනුම් දී ඇත.
“නෞකාවේ පාලන මැදිරියට හානි සිදුවී ඇති නමුත්, එහි සමස්ත කාර්ය මණ්ඩලයම ආරක්ෂිතව සිටින බව වාර්තා වෙනවා. මීට අමතරව මේ දක්වා පරිසරයට කිසිදු හානියක් සිදුව ඇති බවට වාර්තා වී නැහැ,” යැයි එම නිවේදනයේ සඳහන් වේ.
ඉරානය සහ ඕමානය අතර පිහිටා ඇති හෝමුස් සමුද්‍ර සන්ධිය ගෝලීය බලශක්ති සැපයුම සඳහා අතිශය වැදගත් උපායමාර්ගික නාවික මාර්ගයක් වන අතර, ලෝකයේ සමස්ත තෙල් පරිභෝජනයෙන් පහෙන් එකක්ම ප්‍රවාහනය කරනු ලබන්නේ මෙම සන්ධිය හරහාය.
ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර මෑතකදී ඇති කරගත් අවබෝධතා ගිවිසුමකින් පසුව මෙම සමුද්‍ර සන්ධිය හරහා නැව් ගමනාගමනය ක්‍රමයෙන් යථාතත්ත්වයට පත්වෙමින් තිබූ නමුත්, පසුගිය බ්‍රහස්පතින්දා සිට කලාපීය නොසන්සුන්තා නැවතත් හිස ඔසවා තිබේ.
ඇමරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය සිකුරාදා ප්‍රකාශ කළේ, ඊට පෙර දින හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී වාණිජ නෞකාවකට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඇමරිකානු හමුදා විසින් ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart