August 26, 2023

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනා ගෙවීම ලබන සඳුදා (28) ආරම්භ කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

ඒ අනුව සියලු ගැටලු විසඳා අවසන් වූ ප්‍රතිලාභීන්ට පළමු අදියරේදී දීමනා එදින සිට ලබාදෙනු ඇත.

ගිණුම් විවෘත කර ඇති ප්‍රතිලාභීන්ට රාජ්‍ය බැංකු හරහා ගෙවීම් සිදුකරනු ලැබේ.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ධූරයෙන් ජී. විජේරත්න ඉල්ලා අස්වීම හේතුවෙන් මුදල් මුදාහැරීමේ ගැටලු මතුවීමත් සමග ප්‍රතිලාභ ගෙවීම් ප්‍රමාද විය.

කෙසේ වෙතත් නව සභාපතිවරයා ලෙස ජයන්ත විජේරත්න පෙරේදා වැඩ භාරගැනීමත් සමග මුදල් මුදාහැරීම සම්බන්ධයෙන් මතුව තිබූ ගැටලු නිරාකරණය වූ බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.