
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව සහ පාකිස්තානය අතර 2019 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව දෙපිල අතර පැවැත්වුණු පළමු එක්දින ක්‍රිකට් තරගය සෙනසුරාදා පල්ලෙකැලේ හිදී වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු වූයේ පාකිස්ථාන ඉනිමේ එකදු පන්දුවක් හෝ ක්‍රියාත්මක කිරීමකින් තොරවය. අද පල්ලෙකැලේදී පැවැත්වෙන ඉන්දියා-නේපාල තරගයට ද වර්ෂාවෙන් බාධා එල්ල වීමේ සම්භාවිතාව සියයට 80ක් තරම් ඉහළ මට්ටමක පවතී. යම් ලෙසකින් අද තරගයට ද වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු වුවහොත් ඉන්දියාව සහ පාකිස්තානය A කාණ්ඩයෙන් සුපිරි සිව්දෙනාගේ වටයට එක්වනු ඇත.
නේපාලය එක්දින ජාත්‍යන්තර තරගයක දී ඉන්දියාව මුණ ගැසෙන්නේ පළමුවරටය. එබැවින් එම අවස්ථාව වර්ෂාවෙන් සේදී යෑමක් ඔවුන් කිසිසේත්ම අපේක්ෂා නොකරයි. එක්දින පිටියේ සුපිරිතමයන් සමග පැවැත්වෙන මෙම තරගය පැවැත්වුණහොත් එය මිලියන ගණනක් සුසර කරන තරගයක් වනු ඇත.
සිය පවුලේ අවශ්‍යතාවක් මත ජස්ප්‍රිට් බුම්රා යළි ඉන්දියාවට ගොස් ඇති බැවින් අද තරගයේදී මොහොමඩ් ෂාමිට හෝ ප්‍රසිද් ක්‍රිෂ්ණාට කණ්ඩායමේ දොරගුලු විවර වේ. ලෝක කුසලාන සංචිතය නම් කිරීමට පෙර අත්හදා බැලීමක් වශයෙන් බටහිර ඉන්දීය කොදෙව් 20/20 තරගාවලියේදී ඉහළ අවධානයක් දිනා ගත් සූර්යකුමාර්ට හෝ තිලක් වර්මාට අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් ඉන්දියාව සලකා බලන්නේ නම් මිසක පිතිකරණ අංශයේ වෙනසක් සිදුවනු ඇතැයි විශ්වාස කළ නොහැක.
අද තරගයට ක්‍රීඩා කළ හැකි කණ්ඩායම්
ඉන්දියාව : 1 රෝහිත් ෂර්මා (නායක), 2 ශුබ්මන් ගිල්, 3 විරාත් කෝලි, 4 ශ්‍රෙයාස් අයියර්, 5 ඉෂාන් කිෂාන් (කඩුලු රැකීම), 6 හර්දික් පාන්ඩ්යා, 7 රවීන්ද්‍ර ජඩේජා, 8 ශර්දුල් තාරුක්, 9 කුල්දීප් යාදව්, 10 මොහොමඩ් ෂාමි /ප්‍රසිද් ක්‍රිෂ්ණා, 11 මොහොමඩ් සිරාජ්
නේපාලය පාකිස්ථානය සමග මූල්තාන් හි පළමු තරගයට ක්‍රීඩා කළ 11 දෙනා වෙනස් නොකරනු ඇත.
නේපාලය : 1 කුෂල් බූටෙල්, 2 අසීෆ් ෂෙයික් (කඩුලු රැකීම), 3 රෝහිත් පෞඩෙල් (නායක), 4 ආරිෆ් ෂෙයික්, 5 සොම්පල් කාමි, 6 දිපෙන්ද්‍ර සිං අයිරේ, 7 ගුල්සන් ජා, 8 කුෂල් මල්ලා, 9 කරන් කේසි, 10 සන්දීප් ලාමිචානේ, 11 ලලිට් රාජ්බන්ෂි
ආසියානු කුසලානයේ පළමු තරගයේදී පාකිස්තානය හමුවේ දැවැන්ත පරාජයක් ලැබුවද නේපාල කණ්ඩායමේ ධනාත්මක අවස්ථා කිහිපයක්ම දැක ගත හැකි විය. විශේෂයෙන්ම සොම්පාල් කමි සහ කරන් කේසිගේ නිසි එල්ලයට වැටුණු පන්දු මෙන්ම දුර්වලතා රැසක් මැද දක්නට ලැබුණු පන්දු රැකීම් කිහිපයක් ද ඒ අතර තිබුණි. කෙසේ වෙතත් ඉන්දියාව වැනි ප්‍රබල කණ්ඩායමක් ඉදිරියේ සුලු හෝ අතපසු කිරීමක වන්දියේ තරම අවබෝධයෙන් රෝහිත් පෞඩෙල් ප්රමුඛ නේපාල කණ්ඩායම පල්ලෙකැලේදී පිටියට පිවිසිය යුතු වේ.
තණතීරුවේ ස්වභාවය සහ කාලගුණය
පල්ලෙකැලේ සෙනසුරාදා පිතිකරුවන්ට අභියෝගයක් වුණේ තණතීරුවේ ස්වභාවය පමණක් නොවේ. වැහිබර කාලගුණය ද ප්‍රබල අභියෝගයක් විය. කෙසේ වෙතත් අද සියලු දෙනාගේ අවධානය ඇත්තේ වර්ෂාව සම්බන්ධයෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart