
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු පාර්ලිමේන්තු කථානායක සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
සපුගස්කන්ද ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් අශෝක රන්වල අද අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර, පසුව ඔහුව ඇප මත නිදහස් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
බ්‍රහස්පතින්දා (11) සවස සපුගස්කන්ද දෙනිමුල්ල ප්‍රදේශයේදී මෙම අනතුර සිදු වූ අතර, එහිදී අශෝක රන්වල පැදවූ ජීප් රථයක් සහ තවත් මෝටර් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
මෝටර් රථයේ ගමන් කළ 25 හැවිරිදි කාන්තාවක්, ඇගේ මාස හයක් පමණ වයසැති බිළිඳා සහ වයස අවුරුදු 55 ක් පමණ වන කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.
පසුව ළදරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලට මාරුකර යවා ඇත.
අනතුරින් අශෝක රන්වලද තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අඛණ්ඩව සිදුවන බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart