
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න සමගි ජන බලවේගයට එක්වී ඇති බවට පළවන ජනමාධ්‍ය වාර්තා ඔහු ප්‍රතික්ෂේප කර තිබේ.
නවරත්න මන්ත්‍රීවරයා සමගි ජන බලවේගය සමඟ අත්වැල් බැඳගෙන ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයේ පොදු ඉලක්කයක් කරා වැඩ කිරීමේ අරමුණින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සඳහන් කර ඇත.
විපක්ෂ නායකවරයා සහ මන්ත්‍රීවරයා සඳුදා (04) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කරයි.
ඊයේ (05) කොළඹ පැවති ජනමාධ්‍ය හමුවක් අමතමින් අසංක නවරත්න මන්ත්‍රීවරයාද එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් සඳහන් කර ඇත්තේ, තමන් විපක්ෂ නායකවරයා හමුවූයේ පුළුල් සන්ධානයක් ගොඩනැගීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කිරීමට පමණක් බවය.
එමෙන්ම විපක්ෂ නායකවරයාගේ ආරාධනයකට අනුව ඔවුන් හමුවූ බව ඔහු පවසයි.
පුළුල් සන්ධානයක් පිහිටුවීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවත්, දෙපාර්ශවය එක්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කර නොමැති බවත්, මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart