
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බංග්ලාදේශයේ නරයිල් දිස්ත්‍රික්කයේ, බෙන්ඩාර් චාර් ගම්මානයේ පිහිටි හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ අවාමි ලීග් පක්ෂයේ නායකයින්ට සහ ආධාරකරුවන්ට අයත් නිවාස හා වෙළඳසැල් රැසකට ප්‍රහාර එල්ල කර ගිනි තබා තිබේ.
පසුගිය නොවැම්බර් 18 වැනිදා බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයට (BNP) අනුබද්ධ ෂහීන් මොල්ලා සහ සොහෙල් මොල්ලා යන නායකයින් දෙදෙනා ගමන් ගත් යතුරුපැදි පෙළපාලියකට එල්ල වූ ප්‍රහාරයකින් ඔවුන් ජීවිතක්ෂයට පත්විය. එම ඝාතන සිදුවී දින දෙකකට පසුව, ඊට පළිගැනීමක් ලෙස මෙම ගිනි තැබීම් සිදුකර ඇති බව වාර්තා වේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බී.එම්. කබිරුල් හක් මුක්ති සහ හිටපු කාලියා නගරාධිපති ෆකීර් මුෂ්ෆිකුර් රහ්මාන් ලිටන් යන අයගේ දේපළ ද මෙම ප්‍රහාරවලින් විනාශ වී ඇත.
ගිනි නිවීමේ අංශ පවසන්නේ නිවාස 50කට අධික සංඛ්‍යාවක් සහ බාර්ඩියා බසාර් ප්‍රදේශයේ වෙළඳසැල් කිහිපයක් ගින්නෙන් විනාශ වී ඇති බවයි. කෙසේ වෙතත්, හානි වූ නිවාස සංඛ්‍යාව 15ත් 20ත් අතර බව ප්‍රාදේශීය පරිපාලනය සඳහන් කරයි.
සිකුරාදා පස්වරු 4ට පමණ ගින්න හටගත්තද, මාර්ග හරහා ගස් කපා දමා අවහිර කර තිබූ බැවින් ගිනි නිවීමේ භටයින්ට එම ස්ථානයට ළඟා වීමට පැය 4ක පමණ ප්‍රමාදයක් සිදුව තිබේ.
මෙම ප්‍රහාරයට BNP පාක්ෂිකයින් සම්බන්ධ බවට ප්‍රදේශවාසීන් චෝදනා කළද, එම පක්ෂයේ නායකයින් එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. නරයිල් පොලිස් අධිකාරීවරයා ‘ද ඩේලි ස්ටාර්’ පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ, ඝාතනයට ලක්වූ නායකයින්ගේ ඥාතීන් සහ ආධාරකරුවන් එක්ව, ඝාතනවලට සැකකෙරෙන අවාමි ලීග් ක්‍රියාකාරීන්ගේ නිවාසවලට මෙලෙස පහර දී ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart