
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අනාගතයේදී සැහැල්ලු ආයුධ සඳහා ජීව උණ්ඩ නිෂ්පාදනය කිරීමට ශ්‍රී ලංකා හමුදාව සැලසුම් කර ඇති බව ආරක්ෂක රාජ්‍ය ඇමැති බණ්ඩාර තෙන්නකෝන් පවසයි.
විදේශ විනිමය රටින් පිටට ගලායෑම වැලැක්වීම සඳහා මෙම පියවර ගන්නා බව රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි.
මේ වන විට හමුදාවට අයත් වේයන්ගොඩ පිහිටි නිෂ්පාදන මධ්‍යස්ථානවල භට පිරිස් සඳහා අවශ්‍ය නිල ඇඳුම් ද්‍රව්‍ය, ශරීර සන්නාහ සහ සටන් හිස්වැසුම් නිෂ්පාදනය කෙරෙමින් පවතී.
“මෙම පහසුකම ඉදිරියට දියුණු කිරීමට රජය බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී අපි හමුදාවේ භාවිතා කරන සැහැල්ලු අවි සඳහා අවශ්‍ය පතොරම් මෙම ස්ථානයෙන් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වෙනවා” යැයි රාජ්‍ය ඇමැති තෙන්නකෝන් පවසයි.
යුධ හමුදාවේ සැහැල්ලු ආයුධ අතරට ටී 56 (T56) වර්ගයේ ප්‍රහාරක රයිෆලය, මිලිමීටර් 9 පිස්තෝලය සහ සැහැල්ලු මැෂින් තුවක්කු ඇතුළත් වේ.
“මේ වන විට අපි ආනයනය කිරීමේදී උණ්ඩයකට රුපියල් 36-37ක් පමණ වැය කරනවා” යැයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් සඳහන් කරයි.
(economynext)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart