
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දිවයින පුරා රජයේ රෝහල්වල සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් විසින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන වැඩවර්ජනය හේතුවෙන් අඩාළවී ඇති රෝහල් කටයුතු බාධාවකින් තොරව සමාන්‍ය පරිදි පවත්වාගෙන යෑම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් සිදුකළ ඉල්ලීමට අනුව, අවශ්‍යතාවය පරිදි යුද හමුදා භටපිරිස් යොදවන ලෙස යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ උපදෙස් ලබාදී ඇත.
ඒ අනුව, දැනට බටහිර, නැගෙනහිර, මධ්‍යම සහ වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්ගේ අධීක්‍ෂණය යටතේ කොළඹ සහ මහනුවර ජාතික රෝහල් කලුබෝවිල, කරාපිටිය, මහමෝදර, පේරාදෙණිය, අනුරාධපුර සහ කුරුණෑගල ශික්ෂණ රෝහල් ද මාතර, බලංගොඩ, ඇහැළියගොඩ, නාවලපිටිය, බදුල්ල, ගම්පොල, මීරිගම, හෝමාගම සහ කෑගල්ල ඇතුළුව රෝහල් 26 ක දෛනික කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා යුද හමුදා භට පිරිස් යොදවා තිබේ.
මේවන විට එම රෝහල් වල අවශ්‍යතාවන් අනුව යුද හමුදාවේ 700 කට ආසන්න භටපිරිස් පිරිසක් යොදවා ඇති අතර, හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඒ සඳහා යෙදවීමට අමතර භටපිරිස් සූදානම් කරන ලෙසත්, වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මහජනතාවට සිය දෛනික කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට අවශ්‍ය සියලුම පියවර ගන්නා ලෙසත් යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart