
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහජනතාවට සහ දේපළවලට විශාල අනතුරක් වෙමින් පවතින පැරණි සහ දිරාපත් වෙමින් පවතින නාගරික ගස් 100කට අධික ප්‍රමාණයක් වහා ඉවත් කිරීමට ජනාධිපතිවරයා නියෝගයක කර තිබේ.
ඒ අනුව එම කටයුතු සඳහා කොළඹ මහ නගර සභාවට රාජ්‍ය දැව සංස්ථාවේ සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ සහයෝගය ලැබීමට නියමිත බව වාර්තා වේ.
මැයි 20 වැනි දින සිට වෙසක් සතියෙන් ආරම්භ වූ පසුගිය දින හත තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නගරයේ ගස් කඩා වැටීම් හෝ අතු කඩා වැටී හානිවීමේ සිද්ධීන් 59කට අධික සංඛ්‍යාවක් කොළඹ බල ප්‍රදේශයෙන් කොළඹ නගර සභාව වෙත වාර්තා වී තිබේ.
හදිසි අවධානය යොමු කළ යුතු ගස් 1000ක් පමණ නගර සභාව විසින් හඳුනාගෙන ඇති අතර ඉන් ගස් 500ක ගැටලුකාරී තත්ත්වයන් පවතින බව වාර්තා වේ.
පැරණි සහ ඉතා අවදානමට ලක්ව ඇති එවැනි ගස් 200ක් බලධාරීන් විසින් හඳුනාගෙන ඇති අතර, මහජනතාවට හෝ දේපළවලට සිදුවන ඕනෑම අනතුරක් වළක්වා ගැනීම සඳහා ඒවා හැකි ඉක්මනින් කපා දැමිය යුතු බව බලධාරීහු පවසති.
කොළඹ මහ නගර සභාවේ කොමසාරිස් භද්‍රානි ජයවර්ධන පවසන්නේ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් අවදානම් සහිත ගස් ඉවත් කිරීම සඳහා කොළඹ නගර සභාවට සහාය වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ යුද හමුදාවට සහ රාජ්‍ය දැව සංස්ථාවට නියෝග කර ඇති බවයි.
මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා මහ නගර සභාව විසින් හඳුනාගත් අධි අවදානම් ගස් 200න් පැරණි ගස් 90ක් පමණ ඉවත් කර ඇති අතර තවත් එවැනි ගස් 110ක් පමණ කපා දැමීමට ඉතිරිව ඇත.
මේ සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් දියත් කිරීම සඳහා කොළඹ නගර සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් දැව සංස්ථා බලධාරීන් සහ යුද හමුදාව සමඟ විශේෂ සාකච්ඡාවක් පසුගිය සතියේ පැවැත්වුණු අතර, ඉතිරිව ඇති අධි අවදානම් සහිත ගස් 110ක් තම කාර්ය මණ්ඩලය සහ යන්ත්‍ර සූත්‍ර සමඟින් ඉවත් කිරීමට දැව සංස්ථාව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බව කොමසාරිස්වරිය පවසයි.
“ගස් කඩා වැටීමට ප්‍රතිචාර දැක්වීම සඳහා මහ නගර සභාවේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන විශේෂ ඒකකයක් අප සතුව තිබෙනවා. දැනට අපට පොලිසියේ සහ කොළඹ ගිනි නිවන ඒකකයේ සහාය ලැබෙනවා. අවදානම් සහිත ගස්වල ඇති විය හැකි අනතුරු පිළිබඳ ඕනෑම සිදුවීමක් වාර්තා කිරීමට මහජනතාවට ගිනි නිවන ඒකකයේ ‘110’ ක්ෂණික ඇමතුම් අංකය භාවිත කළ හැකියි.මේ මොහොතේ ගැටලුව වන්නේ පැරණි ගස් හඳුනාගෙන තිබියදීත්, තද සුළං සහ වැසි කුණාටු හේතුවෙන් තරමක් ශක්තිමත් හා අලුත් ගස් කඩා වැටීමයි, එම නිසා අපි වඩාත් සැලකිලිමත් විය යුතුයි,” යනුවෙන් ඇය පෙන්වා දෙයි.
මේ අතර ගංවතුර හා කාලගුණික විපත්වලින් විපතට පත් ප්‍රදේශවාසීන්ට සහාය වීම සඳහා කොළඹ ගිනි නිවන ප්‍රධානියාගේ සහ මහ නගර සභාවේ පරිසර අංශයේ අධ්‍යක්ෂගේ ප්‍රධානත්වයෙන් විශේෂ ආපදා කමිටුවක් පිහිටුවා ඇත.
නාගලගම් වීදිය සහ තොටළඟ ප්‍රදේශවල අවතැන් වූ 500කට අධික පිරිසකට ප්‍රජා මධ්‍යස්ථානවල තාවකාලික නවාතැන් ලබාදී ආහාරපාන ලබාදී ඇති බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart