
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යුක්රේනයට ලබාදීම සඳහා ශ්‍රී ලංකාවෙන් අතිරික්ත පතොරම් ලබාගැනීමට පෝලන්තය අතරමැදියන් යොදාගන්නා බවට පළ වූ මෑත කාලීන ජනමාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක කර්නල් නලින් හේරත් පවසා ඇත්තේ, එම ප්‍රකාශ අසත්‍ය බව හා එම වාර්තාවල කිසිඳු වලංගුභාවයක් නොමැති බවයි.
කෙසේවෙතත් ආයු කාලය ඉක්මවා ගිය පතොරම් රට තුළ හමුදාවට අයත් ගබඩාවල ගබඩා කර ඇති බව ඔහු පිළිගත්තේය.
මෙම තොග ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ඒවා නොව විදේශීය පෞද්ගලික සමාගමකට අයත් ඒවා බවත්, ආරක්ෂක හේතූන් මත අතිරික්ත පතොරම් කඩිනමින් ඉවත් කිරීමට හෝ විනාශ කිරීමට උපදෙස් දී ඇති බවත් කර්නල් හේරත් පැහැදිලි කළේය.
“ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම විශේෂිත සමාගමට නියෝග කර ඇත්තේ තොග තවදුරටත් ගබඩාවල රඳවා තබාගැනීම අනවශ්‍ය යැයි සළකමින් ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසයි” ඔහු පැවසීය.
මේ අතර, මෙම අතිරික්ත පතොරම් තොගය චීන සමාගමකට අයත් ඒවා බවට ආරක්ෂක අංශ අනාවරණ කර තිබේ.
පසුගිය වසරේ කොස්මික් ටෙක්නොලොජීස් ප්‍රයිවට් ලිමිටඩ් නම් ශ්‍රී ලාංකික සමාගමක් හරහා මෙම අතිරික්ත පතොරම් තොගය පෝලන්තයට විකිණීමට සමාගම උත්සාහ කළ බව ද ආරංචි මාර්ග පවසයි.
කෙසේවෙතත්, අන්තර්ජාතික බලපෑම් මත විකිණීම ව්‍යර්ථ වූ අතර, එම සැලැස්ම අතහැර දැමීමට සිදුවිය.
Russia Today නාලිකාවේ මෑත කාලීන වාර්තාවකට අනුව, මෙම ගනුදෙනුව “Level 11 SP” නම් පෝලන්ත සමාගමක් සම්බන්ධ බව වාර්තා වේ.
ඒ සඳහා Z O.O” සහ “Cosmic Technologies Private Limited” යන ලාංකික සමාගමක් සම්බන්ධ බවට එහි වාර්තා පළ වී ඇත. (Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart