
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සේවක අර්ථසාධක අරමුදලට අදාළ ප්‍රතිපත්ති වෙනස් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනා සඳහා එදා විපක්ෂයේ සිටියදී විරුද්ධ වූ වත්මන් රජය ඔවුන් විසින්ම ඒ සඳහා ගෙන එන යෝජනා සඳහා වර්තමානයේ මතුවන විරෝධතා සමනය කරන්නේ කෙසේදැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විමසයි.
එවැනි යෝජනාවක් පදනම් කරගනිමින් 2011 වසරේදී සිදුවූ පුද්ගලයෙකුගේ මරණයක් වැනි සිදුවීම් නැවත ඇති නොවීමට වගබලා ගැනීම සඳහා වත්මන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද යන්න සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් විමසුවේය.
දේශපාලනික නොවන පාලන මණ්ඩලයක් මගින් පාලනය වන ස්වාධීන ඒකාබද්ධ අරමුදල ලෙස සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල ඒකාබද්ධ කිරීමට ප්‍රමුඛතාව ලබා නොදෙන්නේ ඇයිදැයි මන්ත්‍රීවරයා එහිදී ප්‍රශ්න කළේය.
එමෙන්ම ඔහු විමසා සිටියේ සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල සතු රුපියල් ට්‍රිලියන 6.2 ඒකාබද්ධ වත්කම් ප්‍රමාණය රජයේ ණය හෝ හිඟ මුදල් පියවා ගැනීම සඳහා භාවිත නොකරන බවට ඇති නීතිමය සහතිකය කුමක් ද යන්නයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart