
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2019 වසරේදී හෙරොයින් කිලෝග්‍රෑම් 151.341 ක් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන් පස්දෙනකුට නියම කරන ලද මරණ දඬුවම් අද අභියාචනාධිකරණය විසින් තහවුරු කර තිබේ.
එම මත්ද්‍රව්‍ය තොගය එම වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සොයාගැනුණු විශාලතම මත්ද්‍රව්‍ය තොගය ලෙස වාර්තා විය.
විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි ඇතුළු ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් 2023 සැප්තැම්බර් 27 වන දින කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ විසින් ලබාදුන් තීන්දුව තහවුරු තිබේ. මහාධිකරණය විසින් අධිචෝදනා පත්‍රයේ අඩංගු චෝදනා තුන සඳහා විත්තිකරුවන් පස් දෙනා වැරදිකරුවන් බව තීරණය කර එක් එක් චෝදනාව සඳහා මරණ දඬුවම නියම කළේය.
මීගමුව, කට්ටුව පදිංචි චමින්ද රෝහණ ප්‍රනාන්දු, ඇන්ටන් ක්රිසාන්ත ප්‍රනාන්දු, දුලාග් රවීන්ද්‍ර පෙරේරා, ලියනදුරගේ සුරන්ජ් සහ තරිඳු ජයන්ත ප්‍රනාන්දු යන වරදකරුවන්ට හෙරොයින් කිලෝග්‍රෑම් 152.341 ක් ගෙන ඒමට කුමන්ත්‍රණය කිරීම, ජාවාරම් කිරීම සහ ළඟ තබා ගැනීම යන චෝදනා එල්ල විය.
2019 නොවැම්බර් 2 වන දින දකුණු මුහුදු සීමාවේදී ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ, ධීවරයන් ලෙස පෙනීසිටිමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා ධීවර යාත්‍රාවක් භාවිත කරමින් සිටියදීය.
නීතිපතිවරයා විසින් මෙම පස්දෙනාට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබිණි.
චූදිතයන් අභියාචනයක් ඉදිරිපත් කරමින් ඔවුන්ට අදාළ දඬුවම් විවිධ හේතු මත අභියෝගයට ලක්කළ ද නඩු වාර්තාව සමාලෝචනය කිරීමෙන් පසු, අභියාචනාධිකරණය තීරණය කළේ මහාධිකරණයේ සොයාගැනීම් හෝ පනවන ලද දඬුවමට බාධා කිරීමට කිසිදු පදනමක් නොමැති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart