
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගයේ අනාගත රජයක පළමු අයවැය තුළින් සිදුකරන්නේ ඖෂධ, පාසල් ද්‍රව්‍ය සහ ආහාර ද්‍රව්‍ය සඳහා වූ වැට් බද්ද ඉවත් කිරීම බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
තංගල්ලේ පැවති ජාතික ජන බලවේගයේ සමාරම්භක රැළියට ඊයේ එක්වෙමින් ඔහු කියා සිටියේ මත්පැන් නිෂ්පාදකයන් වැනි ව්‍යාපාරිකයන් විසින් පැහැර හරින ලද බදු අයකර ගැනීමට පියවර ගන්නා අතරම සරල බදු ක්‍රමයක් හඳුන්වා දෙන බවයි.
“ඖෂධවලට සහ වෛද්‍ය පරීක්ෂණවලට වැට් බද්ද ඉවත් කරනවා. පාසල් ද්‍රව්‍ය හා අතිරේක කියවීම් පොත්වල වැට් බද්ද ඉවත් කරන අතරම ආහාර ද්‍රව්‍යවල වැට් බද්ද ඉවත් කිරීමට පියවර ගන්නවා. ජාතික ජන බලවේගය යටතේ පළමු අයවැයෙන් අපි මෙය කරනවා.” යැයි ඔහු පැවසීය.
සෑම අංශයකින්ම කඩා වැටුණු රටක් ජාතික ජන බලවේගයට භාර ගැනීමට සිදුවී ඇති බවත්, ජාතික ජන බලවේගයේ රජයක් අධිෂ්ඨානශීලීව රට ගොඩ ගන්නා බවත් ඔහු සඳහන් කළේය.
ජාතික ජන බලවේගය කිසිවකුගෙන් පළි නොගන්නා බවත්, වැරදි කරන්නන්ට සහ වංචා දූෂණවලට වගකිවයුත්තන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු පැවසීය.
වංචා දූෂණ නවත්වා සොරකම් කළ වත්කම් රජයට පවරා ගන්නවා යැයි ද ඔහු කීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart