May 23, 2024

රිය අනතුරකින් පිළිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ තිස්එක් හැවිරිදි පිරිමි පුද්ගලයකු ප්‍රතිජීවක එන්නතක් ලබාදීමෙන් පසුව මියගිය බව ආරංචි මාර්ග පවසයි.

මූලාශ්‍රවලට අනුව, රෝගියා වාට්ටු අංක 17 වෙත පැමිණීමෙන් පසු රෝගියාට Cefuroxime ඖෂධය ලබා දී ඇති අතර, අනතුරුව ඔහු මරණයට පත්ව ඇත.

මෙම සිදුවීමට ප්‍රතිචාර වශයෙන්, බංගලාදේශයේ Opsonin Pharma Limited විසින් නිෂ්පාදනය කරන ලද Cefuroxime Injection 750mg Vial (SR: 00101406) කාණ්ඩයේ VLL040 එන්නත් කාණ්ඩය වැඩිදුර විමර්ශන සඳහා බලධාරීන් විසින් තාවකාලිකව අත්හිටුවා ඇත.

කෙසේවෙතත්, මෙම දරුණු අහිතකර ඖෂධ ප්‍රතික්‍රියාවට (ADR) හේතුව සොයාගැනීම සඳහා රෝහල් සහ සෞඛ්‍ය බලධාරීහු පුළුල් පරීක්ෂණයක් පවත්වන බව ප්‍රකාශ කරති.