
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සියලුම ක්‍රිකට් සංගම්වල නිලධාරී මණ්ඩල විසුරුවා හැර නව පිරිස් ඒවාට පත්කරන තුරු දූෂිතයන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්කළ නොහැකි බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ ප්‍රකාශ කරයි.
ඊයේ මහනුවර සිදුකළ සංචාරයක් අතරතුර ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.
“මේ කණ්ඩායම එක තැනක එකතුවෙලා කතා කරලා තියෙනවා…’අපිට මේකෙන් එළියට යන්න වුණොත් අවුරුදු 15ක් හිරේ ඉන්න වෙන්නේ’ කියලා. එකනේ ක්‍රිකට් එකේ ලේකම්වරයා ඉල්ලා අස්වුණේ. මොහාන් ද සිල්වා ඉල්ලා අස්වෙලා ඔස්ට්‍රේලියාවේ ඉදලා කතා කරලා මට කිව්වා. ‘මම බැලුවා මේක හරිමඟට ගන්න නිසි ක්‍රමවේදයක් නෑ. හැම තැනම මුදල් ආයෝජන මුවාවෙන් මුදල් කොල්ලකාලා. මේ තත්ත්වයන් නිසා මම ඉල්ලා අස් වුණා.’ කියලා තමයි ඔහු කිව්වේ.”
“මොනවා කරත් අන්තිමේට මුන් ටිකම බලයට එනවා. ඒ එන්නේ කොහොමද දිස්ත්‍රික් සංගම්. මහනුවර සංගමයේ පැටිකිරිය මම කියන්න අවශ්‍ය නෑනේ. මම අභියෝගය කරනවා මහනුවර සංගමය විගණනය කරන්න කියලා. ඒ වගේ තමයි ගොඩක් තැන්වල තත්ත්වයත්. ඒ නිසා මේ ටික විසුරුවා හරින්න ඕනේ.”
“ක්‍රිකට්වලට ආදරය කරන පිරිසිදු මිනිස්සු ඉන්නවා. අන්න ඒ අයගෙන් මේ කමිටු ටික පත්කරලා තමයි මේ නිලවරණයට යන්න ඕනේ. එහෙම නැතිනම් ආයෙත් මේ හොරු තමයි බලයට එන්නේ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart