
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දරුවන් සඳහා ලබාදෙන ප්‍රෙඩ්නිසලෝන් නමැති ඖෂධය ව්‍යාජ ලියවිලි සකසමින් ගෙන්වා ඇතැයි සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ජාතික ව්‍යාපාරය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට ඊයේ (26) පැමිණිල්ලක් කර ඇත.
මේ ව්‍යාජ ලේඛන සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී තිබියදීත් ඖෂධ නියාමන අධිකාරිය ඊට එරෙහිව පියවර නොගැනීම නිසා මෙසේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේ යැයි පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් පවසයි.
ප්‍රෙඩ්නිසලෝන් නමැති මේ ඖෂධය ගෙන්වීම සඳහා 2023 ජනවාරි මාසයේදී ඉදිරිපත් කර තිබූ ව්‍යාජ ඩබ්ලිව්.ඕ.ආර්. (ලියාපදිංචියෙන් තොර ඖෂධ ගෙන්වීමට ලබාදෙන අවසර පත්‍රය) සහතිකයක් සහ ඊට අදාළ තවත් ව්‍යාජ සහතික දෙකක් පිළිබඳව ඖෂධ අධිකාරියට වාර්තා වී ඇතැයි ඔහු සඳහන් කරයි.
එහෙත් ඒ පිළිබඳව විමර්ශන ඉතා සූක්ෂ්ම අයුරින් යට ගැසීම හේතුවෙන් ව්‍යාජ සහතික හරහා සිදුවූ ඖෂධ ජාවාරම ඖෂධ අධිකාරියේ දැනුවත් මෙහෙයුමක් මත සිදුවන්නක් බව පෙනෙන්නට ඇතැයි රවී කුමුදේශ් පවසයි.
ප්‍රෙඩ්නිසලෝන් (මුඛ ද්‍රාවණය) ඖෂධය අසාත්මිකතා, ඇදුම, ස්වයං ප්‍රතිශක්තිකරණ ආබාධ සහ ඇතැම් සමේ රෝග වැනි විවිධ තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා දරුවන් සඳහා බොහෝ විට නියම කරනු ලබන බවත් ශරීරයේ දැවිල්ල, ඉදිමීම සහ අසාත්මිකතා අඩු කිරීමට උපකාරී වන කෝටිකොස්ටෙරොයිඩ් වර්ගයක් වන්නේ යැයි ඔහු සඳහන් කරයි.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart