
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නැගෙනහිර දුම්රිය මාර්ගයේ හබරණ සහ හතරැස් කොටුව දුම්රිය ස්ථාන අතර, අද ඉන්ධන ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් වන අලියෙකු මියගොස් තිබේ.
කොළඹ සිට මඩකලපුව දක්වා ධාවනය වූ දුම්රියේ අලුයම 12.55 ට පමණ අලියාගේ ගැටී ඇති බව කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ නිලධාරීන් වාර්තා කර තිබේ.
මියගිය අලියාගේ වයස අවුරුදු 12 ක් පමණ වන අතර උස අඩි පහ අඟල් හතක් බව ද වාර්තා වේ.
අලියා දුම්රියේ ගැටී මීටර් 100 ක් පමණ දුරට ඇදීගොස් තිබේ.
වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පවසන්නේ දුර සිට මාර්ගය හොඳින් පෙනෙන නමුත් දුම්රිය නොසැලකිලිමත් ලෙස ධාවනය කිරීම නිසා අනතුර සිදුවන්නට ඇති බවයි.
දුම්රියේ ගැටෙන අවස්ථාවේදී වන අලියා හුරුළු වන රක්ෂිතයේ සිට ගල් ඔය ජාතික වනෝද්‍යානය දක්වා ගමන් කරමින් සිටි බව විමර්ශනවලින් අනාවරණ වී තිබේ.
අද දහවල් ගිරිතලේ පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් විසින් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර අනතුරින් අලියාගේ සිරුරට දැඩි හානි සිදුවී ඇතැයි ද පැවසේ.
අනතුර සම්බන්ධයෙන් කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart