August 4, 2026

වයස අවුරුදු 60 සම්පූර්ණ ඇති යහපත් කල්ක්‍රියාවක් සහිත පොලිස් නිලධාරීන්ට තවත් වසරක සේවා දිගුවක් ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිළිබඳ විපක්ෂයෙන් යොමු කළ ප්‍රශ්නයකට පාර්ලිමේන්තුවේදී පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඔහු පැවසුවේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් 10,000ක් පොලිස් සේවයට අනුයුක්ත කර ඇති අතර, ඉන් 6,000 දෙනෙකු මේ වන විට රාජකාරි භාරගෙන ඇති බවය.