
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පූකට් සිට දිල්ලි දක්වා පියාසර කරමින් තිබූ එයාර් ඉන්දියා ගුවන් යානයක් අඟහරුවාදා උදෑසන ගුවනේදී හදිසියේ දැඩි කැළඹිලි තත්ත්වයකට ලක්වීමෙන්, එහි ගමන්ගත් කැබින් කාර්ය මණ්ඩලයේ 4 දෙනෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයන් 17 දෙනෙකු තුවාල ලබා තිබේ.
එයාර්බස් A320 වර්ගයට අයත් AI2379 දරන මෙම ගුවන් යානය ක්ෂණිකව අඩි 300ක පමණ උස ප්‍රමාණයක් පහතට වැටීඇති අතර, පසුව පෙ.ව. 11.30ට පමණ ඉන්දිරා ගාන්ධි අන්තර්ජාතික ගුවන්තොටුපළ වෙත සුරක්ෂිතව ගොඩබස්වා ඇත.
සිද්ධිය වන අවස්ථාවේ යානය තුළ මගීන් 134 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 8 දෙනෙකු සිටි බව PTI පුවත් සේවය වාර්තා කරයි.
පීඩන තත්ත්වය හදිසියේ ඇතිවන විට අසුන්ගැන්වීමේ සංඥා පුවරු ක්‍රියාත්මක වී නොතිබූ අතර, යානය දැඩි ලෙස සොලවී යෑමත් සමඟ අසුන්පටි පලඳා නොසිටි මගීන් කිහිපදෙනෙකු උඩ විසිවී යානයේ ඉහළ සිවිලිමේ සහ ගමන් මලු තබන රඳවනයන්ගේ වැදී බිමට ඇදවැටී ඇත.
කුඩා ළමුන් ඇතුළු මගීන් රැසක් තුවාල ලබා ඇති අතර, සිය ජීවිතය ගැන දැඩි බියක් ඇතිවූ බවත් මෙය ‘නැවත උපතක් ලැබුවා හා සමාන’ අත්දැකීමක් බවත් ගුවන් මගීන් මාධ්‍ය වෙත පවසා තිබේ.
තුවාල ලැබූ මගීන් ගුවන්තොටුපළ වෛද්‍ය අංශය මගින් පරීක්ෂා කර ඇති අතර, ඉන් 7 දෙනෙකු වැඩිදුර පරීක්ෂණ සහ CT ස්කෑන්/MRI සඳහා වසන්ට් කුන්ජ් හි ෆෝටිස් රෝහල වෙත ඇතුළත් කර ඇත.
ගුවන් යානය සුරක්ෂිතව ගොඩබස්වා ඇති අතර මගීන්ට සහ කාර්ය මණ්ඩලයට අවශ්‍ය සියලු වෛද්‍ය සහ සහන පහසුකම් සපයන බව එයාර් ඉන්දියා සමාගම සඳහන් කරයි.
මෙම හදිසි අනතුර සම්බන්ධයෙන් ඉන්දියානු සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් ආයතනය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart