August 25, 2023

මිලදී ගැනීම සඳහා තවත් රුපියල් මිලියන 250ක් ලැබුණු බව වී අලෙවි මණ්ඩලය පවසයි.

එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ පවසන්නේ, දිස්ත්‍රික්ක 11ක මෙම මිලදී ගැනීම් මේ වන විට සිදුකරන බවයි.

ඒ සඳහා මණ්ඩලයේ ගබඩා 39ක් විවෘත කර ඇති බව ඔහු සඳහන් කරයි.

වී මිලදී ගැනීම ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 250ක් මීට පෙර නිකුත් කළ අතර මේ වනවිට එම මුදල් අවසන් වී ඇත.

මණ්ඩලය මේ වන විට වී කිලෝග්‍රෑම් ලක්ෂ 27ක් මිලදී ගෙන ඇති බව සභාපතිවරයා පැවසීය