
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තවත් අස්වැසුම ප්රතිලාභීන් කොටසකට අදාළ ගෙවීම්වල මුදල් හෙට (01) දින බැංකු වෙත නිදහස් කරන බව සුබසාධන ප්රතිලාභ මණ්ඩලය පවසයි.
ලක්ෂ 06ක පමණ ප්රතිලාභීන් පිරිසකට මෙලෙස ප්රතිලාභ මුදල් ලබාදෙන බවය එහි අධ්යක්ෂ මණ්ඩල සාමාජික කමල් පද්මසිරි මසඳහන් කරයි.
ඒ අනුව, අලුතින් ආරම්භ කළ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේ කටයුතු මේ දිනවල සිදුවේ.
විරෝධතා හා අභියාචනා මේ වනවිටත් පරීක්ෂා කරමින් පවතින බවද අධ්යක්ෂ මණ්ඩල සාමාජික කමල් පද්මසිරි පවසයි.
මේ අතර අස්වැසුම ප්රතිලාභ ගෙවීමට පමණක් ඊයේ (30) දිනයේ රාජ්ය බැංකු විවෘත කර තිබිණි.
පළමු අදියරේදී පවුල් ලක්ෂ 08 ක් වෙනුවෙන් අස්වැසුම ප්රතිලාභය හිමිවු අතර, ඊට අදාළ මුදල් මහා භාණ්ඩාගාරයෙන් පසුගිය 28 දින බැංකු වෙත නිකුත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart