
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ණය පැහැරහරින ලද අයගේ ඇපකරයක් පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලතල යටතේ වෙන්දේසි කළ යුතුද නැද්ද යන්න තීරණය කිරීම සඳහා අතරමැදි නියාමන අධිකාරියක් පිහිටුවීමට රජය සැලසුම් කරමින් සිටින බව අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ පැවැසීය.
“අතරමැදි නියාමන අධිකාරියක් තිබිය යුතු බව අපි විශ්වාස කරනවා,” ඇමැති රාජපක්ෂ පැවසීය.
එමනිසා ඒ නිසා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට නීති සංශෝධනයක් ගෙන ඒමට බලාපොරොත්තුවන බවද කළේය.
ඇමැති මණ්ඩල තීරණයක් අනුව මේ වන විට තාවකාලිකව අත්හිටුවා ඇති පරාටේ නීතිය සම්බන්ධව සංශෝධනයක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට බලාපොරොත්තු වන බව අධිකරණ,බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මෙලෙස සඳහන් කරන ලද්දේ, ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (27) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී ඇමතිවරයා මෙසේද සඳහන් කළේය.
“රටකට මූල්‍ය ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. ඒවගේම ආර්ථිකය ද ශක්තිමත් විය යුතුයි. මීට අදාළ සැළකිව යුතු බලයක් මහ බැංකුව සතුයි. පසුගිය සමයේ මෙරට කතාබහට ලක්වූ පරාටේ නීතිය සම්බන්ධව කතා කළහොත් එහි දී මහ බැංකුව අවධානය යොමුකර තිබුණේ මූල්‍ය ආයතනවල ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට පමණයි. එහිදී රටේ ශේෂ පත්‍රය පිළිබඳ මහ බැංකුව අවධානය යොමු කළා ද යන ගැටලුව බොහෝ පාර්ශ්ව ඉදිරිපත් කළා. ඒ වගේම 22%ක්ව පැවැති කෘෂිකර්මාන්ත ක්ෂේත්රය 8%ක් දක්වා පහත වැටීම, 38%ක්ව පැවති කර්මාන්ත ක්ෂේත්රය 32% දක්වා පහත වැටීම කෙරෙහි අවධානය යොමු කළ යුතුයි.” ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසීය.
17 වතාවක්ම අන්තර්ජාතික මූල්‍ය අරමුදල මඟින් ණය ගැනීමට ශ්‍රී ලංකාවට සිදු වූ බවත් එසේ කළත් ආර්ථිකය ගොඩගැනීමට නොහැකි වී ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
“ණය ගැනීමේ දී ශ්‍රී ලංකාව විසින් නිරන්තරයෙන්ම සිදුකර ඇත්තේ ආර්ථිකයේ සේවා අංශය පුළුල් කිරීම පමණයි. කර්මාන්ත අංශය නොසළකා හැරීම නිසා නිෂ්පාදන ධාරිතාව අඩු වුණා. රාජ්‍ය බැංකු දෙකක් විසින් එක් එක් පුද්ගලයන්ට ලබාදී ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 602ක් පමණ වනවා. එයින් අති බහුතරයක් ගෙවාගැනීමට නොහැකිව බොල් ණය ලෙස කපා හැරීමට සිදුව තිබෙනවා. මෙම ණය ප්‍රමාණය අප රටේ කෘෂිකර්මාන්ත සහ කර්මාන්ත යන ක්ෂේත්‍ර සඳහා යෙදවීමට හැකිවූවා නම් එම ක්ෂේත්රවල විශාල වර්ධනයක් ලබාගැනීමට හැකිව තිබුණා. රටේ මූල්‍ය පාලනයක් නොතිබූ නිසා එවැනි තත්ත්වයක් උදාවුණා.” ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසීය.
“මෙහිදී ව්‍යාපාරිකයන් මෙන්ම මූල්‍ය ආයතන ද අර්බුදයට පත් නොවන ආකාරයට අප කටයුතු කළ යුතුයි. ඒ අනුව පරාටේ නීතිය හමුවේ ඇති වන පීඩා මඟහරවා ගැනීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා පරාටේ නීතිය සම්බන්ධව යම් සංශෝධනයක් අප ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා වෙනම ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට ද අප බලාපොරොත්තු වනවා. ජනාධිපතිපතිවරයා ද එම මතය තුළ සිටිනවා. ඒ වගේම අපට මූල්‍ය සහයෝගය ලබාදෙන ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන සමඟ සාකච්ඡා කොට මෙම අඩු පොලී ණය ක්‍රමය හඳුන්වාදීමට අපේක්ෂා කරනවා. බැංකුව හරහාම ණය ලබාදීමේ දී පවතින ගැටලුව වන්නේ, ලැබිය යුතු අය සඳහාම ණය ලබාදීම සිදුවනවා ද යන්නයි. ඒ නිසා මෙම ණය පහසුකම ලබාදීම අධීක්ෂණ ක්‍රමයක් යටතේ සිදු කළයුතු බව කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව අප තීරණය කළා. ඒ සම්බන්ධව ඉදිරියේ දී මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කිරීමට ද අප බලාපොරොත්තු වනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart