
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මධ්‍යම පළාතේ බලු පැටවුන් අතර පැතිර ගිය හඳුනානොගත් වෛරස් රෝගයක්, මේ වන විට අනෙකුත් පළාත්වලට ද ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව පශු වෛද්‍ය උපුල් සාගරතිලක පවසයි.
මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවල මෙම රෝගයේ විශාල ව්‍යාප්තියක් වාර්තා වී ඇති බව ද ඔහු සඳහන් කරයි.
ඉහත ප්‍රදේශවලට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර, ගම්පොළ, හැටන්, පේරාදෙණිය සහ ගිනිගත්හේන යන ප්රදේශවලද මෙම රෝගය පැතිර යන බවට වාර්තා වී ඇති බව වෛද්‍යවරයා පවසයි.
එම ආසාදනය මේ දිස්ත්‍රික්කවල මාස අටට අඩු පැටවුන් අතර දක්නට ලැබී ඇත.
ආසාදිත පැටවුන්ට ශ්වසන අපහසුතා, වමනය, පාචනය, විදුරුමස් දුර්වර්ණ වීම, ආහාර අරුචිය සහ කම්මැලිකම වැනි රෝගවලින් පෙළෙන බව අනාවරණය වී තිබේ.
මෙම ආසාදනය ජර්මන් ෂෙපර්ඩ් සහ ලැබ්රඩෝ වැනි මිශ්‍ර සුනඛයන් අතර පැතිර ගිය බවට හඳුනාගෙන ඇත.
එබැවින් ශීත කළ ආහාර බලු පැටවුන්ට ලබාදීමෙන් වළකින ලෙසත්, මාස 04ක් හෝ 05ක් පැටවුන් නෑවීමෙන් වළකින ලෙසත්, සුනඛ අභිජනනය කරන්නෝ පෙන්වාදෙති.
ඉහත සඳහන් කළ ප්‍රදේශවල දීර්ඝ කාලයක සිට මෙම වෛරස් ආසාදනය පැතිරී තිබූ නමුත්, මේ වනවිට මෙම වෛරසයේ ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart