March 31, 2026

කළුතර දිස්ත්‍රික්කයේ නවක දේශපාලනඥයකු පිළිබඳ නවතම කතාබහක් මේ දිනවල ප්‍රචාරය වෙමින් පවතී.

දේශපාලන ආරංචි මාර්ගවලට අනුව, මෙම පුද්ගලයා වර්තමානයේ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂයකින් දේශපාලනයට පිවිසි කලාකරුවකු වන අතර, ඔහු චිත්‍රපට කිහිපයකට රංගනයෙන් දායක වී, එක් චිත්‍රපටයක් අධ්‍යක්ෂණයද කර ඇතැයිද වාර්තා වේ.

ඔහු පසුගිය මහමැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කළද ජයග්‍රහණය නොලැබූ ඔහු, පසුව කළුතර දිස්ත්‍රික්කයට අදාළ දේශපාලන පක්ෂයේ සංවිධායකවරයකු ලෙස මාරුවීමක් ලබා ඇති බව පැවැසේ.

ඔහු පසුගිය කාලය තුළ ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඉහළ පෙළේ නායකයන් කිහිපදෙනකු මුණගැසී, ඉදිරි දේශපාලන සැලැස්මක් යටතේ ආණ්ඩුවට සහාය දක්වමින් කටයුතු කිරීම සඳහා කැමැත්ත පළකර ඇති බවත් වාර්තා සඳහන් කරයි.

එසේම, ජාතික ජන බලවේගයේ සමාජ මාධ්‍ය අංශයේ ක්‍රියාකාරී භූමිකාවක් භාරගැනීමටත් තමන් සූදානම් බව ඔහු දැනුම්දී ඇති බවටද දේශපාලන ලෝකයේ රාවයක් පැතිරෙමින් තිබේ.