
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වන්ධ්‍යකරණ වැඩසටහන් අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් තීරණය නිසා අයාලේ යන සුනඛයන් සංඛ්‍යාව ඉහළ යා හැකි බවත්, ඉදිරියේදී එම සුනඛයන් ඝාතනයට ලක්විය හැකි බවත්, සත්ත්ව ගහණ මානව කළමනාකරණය පිළිබඳ පශු වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
Daily Mirror සිදු කළ විමසීමකදී එම සංගමයේ උපදේශක වෛද්‍ය චමිත් නානායක්කාර පවසා ඇත්තේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ අවශ්‍යතාවය මත මෙම වැඩසටහන අත්හිටුවා ඇති බවයි.
“විශාල උත්සාහයක් දරමින් එම නිලධාරියා ජලභීතිකා රෝගය තුරන්කිරීමේ වැඩසටහන ගැන සෞඛ්‍ය ඇමැතිවරයා නොමඟ යවා තිබෙනවා. ඒ නිසා අනාගතයේදී නැවතත් රට තුළ සුනඛයන් ඝාතනය කිරීමට මෙය හේතුවිය හැකියි.’’ වෛද්‍ය චමිත් නානායක්කාර පවසයි.
මෙරට සුනඛ ගහණය මිලියන 2.6 ක් ලෙස ගණන් බලා ඇති අතර පිරිමි සුනඛයන් මිලියන 1.2 ක් සහ ගැහැණු සුනඛයන් මිලියන 1.4 ක් සිටින බව ඔහු අනාවරණ කරයි.
ඒ අතරින් ගැහැණු සුනඛයන් ලක්ෂ 9ක් වන්ධ්‍යාකරණයට ලක්කර ඇති අතර තවත් ගැහැණු සුනඛයන් ලක්ෂ 5ක් වීථිවල රැඳී සිටින අතර එම සත්වයන්ද වඳභාවයට පත්කළ යුතුව තිබේ.
වන්ධ්‍යාකරණ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමෙන් අයාලේ යන සුනඛ ගහණය පාලනය කිරීමටත්, ජලභීතිකා රෝගය තුරන්කිරීමටත් දායක වන බව වෛද්‍ය චමිත් නානායක්කාර වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
“ජලභීතිකාව අඩු කිරීම සඳහා, සුනඛයන්ගෙන් 70% කට වඩා එන්නත් කළ යුතුයි. මන්ද ඔවුන් මිනිසුන් සමඟ වඩාත් සමීපව සම්බන්ධ වන සතුන්. සුනඛ ගහණය පාලනය කිරීම සඳහා සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන 2008 දී හඳුන්වාදුන්නා. කෙසේවෙතත්, 2006ට පෙර, ජලභීතිකා රෝගය පැතිරීම වැළැක්වීම සඳහා සුනඛයන් 100,000 ක් මරාදැමුවා. 2008 වසරේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වන්ධ්‍යාකරණ වැඩසටහන ආරම්භ කළද එය නිසි පරිදි ක්‍රියාත්මක වුණේ නැහැ. පශු වෛද්‍යවරුන්ගෙන් විමසීමකින් තොරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ අභිමතය පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම අසාර්ථක වීමට හේතු වුණා,” ඔහු පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart