
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බකමූණ සහ කළුන්දෑව ප්‍රදේශයේ අලි වැට රාජකාරියේ යෙදී සිටි වනජීවී දෙපාර්තමේන්තුවට අනියුක්ත සේවකයන් එකොළොස්දෙනකු, හිතවත් කාන්තාවකගේ ගෙවත්තක් පිරිසිදු කිරීම සඳහා යොදාගත් වනජීවී අඩවි සහකාරවරයකු පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ බව වනජීවී දෙපාර්තමේන්තුව කියයි.
අනතුරකට පත් වූ මුවකුගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් ජනමාධ්‍යවේදීන් පිරිසක් බකමූණ වනජීවී කාර්යාලයට ගිය අවස්ථාවේ මෙම සිද්ධිය අනාවරණය කරගෙන ඇත.
බකමූණ බීට්ටු කාර්යාලයගේ ගේට්ටුවට ඉබි යතුරු දමා වසාදමා තිබූ අවස්ථාවේ, ජනමාධ්‍යවේදීන් බකමූණ සහ කළුන්දෑව ප්‍රදේශය භාර වනජීවී දෙපාර්තමේන්තුවේ අඩවි සහකාරවරයකුට දුරකතනයට ඇමතුමක් ලබාගෙන අනතුරට පත් මුවා පිළිබඳව දැනුම්දී ඇත.
ඔහු සඳහන් කර ඇත්තේ, තමන් ඇතුළු කණ්ඩායම කණ්ඩලම ප්‍රදේශයේ වනයක් මැද හදිසි රාජකාරී කටයුතුවල නිරතව සිටින බැවින්, විදුලි වැට රාජකාරියේ සිටින නිලධාරියකු හෝ යුද හමුදා නිලධාරීන් කිහිපදෙනකු හෝ යොදවා එම මුවා අනතුරෙන් ගලවාගැනීමට උත්සාහ කරන බවයි.
පැය ගණනාවක් ගිය ද කිසිදු අයකුගේ අවධානයක් යොමුනොවූ බැවින් නැවතත් අඩවි සහකාරවරයාට ඇමතුමක් ගෙන විමසීමේදී මුවාගේ ඡායාරූප සහ වීඩියෝ ඇත්නම් ඔහු වෙත එවන ලෙස ඉල්ලීමක් කර ඇත.
කෙසේවෙතත් ජනමාධ්‍ය කණ්ඩායම මේ පිළිබඳව සොයාබැලීමේදී හෙළිදරව් වී ඇත්තේ, අඩවි සහකාරවරයාගේ හිතවත් කාන්තාවකගේ පාළුවට ගොස් ඇති දඹුල්ල කපුවත්ත ප්‍රදේශයේ ගෙවත්තක් සුද්ද පවිත්‍ර කිරීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවට අනුයුක්ත අලි වැටවල්හි සේවය කරන සේවකයන් එකොළොස්දෙනෙකු රැගෙන ගොස් ඔහුද එහි සේවා කටයුතු සපයන බවය.
ජනමාධ්‍ය කණ්ඩායම කඩිනමින් කපුවත්ත ප්‍රදේශයට ගොස් සොයාබැලීමේදී අලි වැටවල සේවය කරන රාජ්‍ය සේවකයන් මෙම කාන්තාවගේ නිවස සහිත ඉඩම සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතුවල නිරතව සිටින අයුරු දැකගැනීමට හැකිව තිබේ.
සේවා සපයමින් සිටි සේවකයන්ගෙන් විමසීමේ දී පවසා ඇත්තේ, එකොළොස්දෙනෙකු මෙහි පැමිණි බවත්, අඩවි සහකාරවරයාගේ ඉල්ලීම පරිදි පැමිණි බවත්ය.
අඩවි සහකාර රෝහණ ලියනගේගෙන් විමසීමේදී ඔහු සඳහන් කර ඇත්තේ, මෙම සේවකයන් නිවාඩු ලබා ඇති බවයි.
රාජකාරී කටයුතුවලින් බැහැරව සිටි පිරිස රැගෙන ආ බව ද ඔහු සඳහන් කර ඇත.
මේ පිළිබඳව ඇලහැර අඩවි ආරක්ෂක නලින් ජයසූරියගෙන් කළ විමසීමේදී සඳහන් කර ඇත්තේ, වනජීවී අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ උපදෙස් පරිදි දැනටමත් මෙම නිලධාරියා පිළිබඳව විමර්ශන කටයුත්තක් ආරම්භ කර ඇති බවයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart