
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රඹුක්කන ප්‍රදේශයේ අලි සෆාරි මධ්‍යස්ථානයකදී ඇත්ගොව්වකුට අලියෙකු විසින් මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරන අයුරු දැක්වෙන සිදුවීමක වීඩියෝවක් මේ වනවිට සමාජමාධ්‍ය තුළ සංසරණය වේ.
සංචාරකයන් දෙදෙනකු රැගත් අලියා අනපේක්ෂිත ලෙස තවත් අලියකු සමඟ සිටි ඇත්ගොව්වකු දෙසට ආක්‍රමණශීලී ලෙස දිවගොස් මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.
මෙම ප්‍රහාරය ආසන්නයේ සිටි අයකු සිය ජංගම දුරකථනයෙන් පටිගත කර ඇත.
ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ඇත්ගොව්වා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මරණයට පත්ව තිබේ.
සිද්ධියට සම්බන්ධ සංචාරකයන්ට කිසිදු හානියක් සිදුවී නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart