
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමෙන් දේශපාලන නොසන්සුන්තාවක් ඇතිවිය හැකි අතර එහි අවසන් ප්‍රතිඵලය අස්ථාවර පාර්ලිමේන්තුවක් වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ඊයේ ප්‍රකාශ කළේය.
මහනුවරදී අස්ගිරි සහ මල්වතු මහනාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව ජනමාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.
“මහ මැතිවරණයකදී කිසිම දේශපාලන පක්ෂයකට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලැබෙන එකක් නැහැ. මෙය දේශපාලන අර්බුදයක් ඇතිකරනවා. ඉක්මන් මහ මැතිවරණයක් නිසා ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වයේ පෙරළියක් සිදුවෙන්න පුළුවන් ”යැයි ඔහු පැවැසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ සමගි ජන බලවේගය ඇතුළු විරුද්ධ පක්ෂවල ඇතැම්හු ඉක්මන් මහ මැතිවරණයකට කැමැත්ත පළකරන බවද රුවන් විජේවර්ධන ප්‍රකාශ කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අදහස වී ඇත්තේ ව්‍යවස්ථාවට අනුකූලව පළමුව ජනාධිපතිවරණයක් පැවැත්වීම බවද ඔහු පෙන්වාදුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ සමගි ජන බලවේගයේ බහුතරයක් ඔහුට සහාය දක්වන බව තමාට විශ්වාස බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart