
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව සමඟ චීන එක්සිම් බැංකු ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ යෝජනාව අනෙකුත් ණයහිමියන් සමඟ බෙදාගත යුතු බව අමෙරිකාව අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චුන්ග් පවසන්නේ, චීන අපනයන හා ආනයන බැංකුව විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් කරන ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ යෝජනාව දැකගැනීමට එක්සත් ජනපදය බලාසිටින බවයි.
“සියලු ණය හිමියන් විසින් සමාන, සංසන්දනාත්මක ප්‍රවේශයක් ඇති බව අපි බලාපොරොත්තු වෙනවා” ඇය News 1st හි ‘The People’s Plaform’ වැඩසටහනට එක්වෙමින් පැවැසුවාය.
ඉදිරිපත් කර ඇති යෝජනාවත් සමඟ ශ්‍රී ලංකාවට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සමඟ ඉදිරියට යා හැකි බවත්, පසුව රටේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සහ අතීතයේ පැවති පාලන ගැටලුවලට විසඳුම් සෙවීමට හැකි බවත් එක්සත් ජනපද තානාපතිවරිය සඳහන් කළාය.
“යහපාලනය, විනිවිදභාවය, දූෂණ විරෝධීභාවය ආමන්ත්‍රණය කරන ශක්තිමත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ දිගටම කරගෙන යෑම ශ්‍රී ලංකාව සැබවින්ම යහපත් කිරීමට වැදගත් වේ” යැයි තානාපතිනිය වැඩිදුරටත් අවධාරණය කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart