March 12, 2024

මානව හිමිකම්, සංහිඳියාව සහ ප්‍රජා අවකාශයට අභියෝග කළ හැකි ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක වර්ධනයන් අඛණ්ඩව අධීක්ෂණය කරන බව එක්සත් ජනපදය පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 55 වැනි සැසිවාරයේ මෑතදී නිකුත් වූ ඒකාබද්ධ ප්‍රකාශය සහ දේශීය හා අන්තර්ජාතික සංවිධාන විසින් කරන ලද ප්‍රකාශයන්ගෙන් විශේෂයෙන් මාර්ගගත ආරක්ෂණ පනත මගින් පුළුල් පරාසයක ප්‍රකාශන අපරාධ ලෙස හැඳින්වීමට, විසම්මුතිය යටපත් කිරීමට සහ ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයට වල කැපීමට යොදා ගත හැකි බවට හවුල් අවධානය යොමු කරන බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජුලී චුන්ග් ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකා රජය විසින් මූලික නිදහස සහ ප්‍රජා අවකාශය සඳහා බරපතළ බලපෑම් ඇති විය හැකි වෙනත් නීති සම්පාදනය කරන බැවින්, එක්සත් ජනපදය සිවිල් සමාජය ඇතුළු පාර්ශ්වකරුවන් සමඟ පුළුල් උපදේශන සහ නියමිත නීති සම්පාදන ක්‍රියාවලිය දිරිමත් කිරීමට කටයුතු කරන බව ඇය ප්‍රකාශ කළාය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික බැඳීම්වලට අනුකූල වන නීති සම්පාදනයකින් ප්‍රතිස්ථාපනය කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඒකාබද්ධ කණ්ඩායම මීට පෙර ඉල්ලා තිබිණි.