
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කල්තොට ප්‍රදේශයේදී තුවාල ලබා සිටියදී සොයාගත් වන අලියාට උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය නිලධාරීන් විසින් ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
කල්තොට, කන්ඩියපිටවැව ප්‍රදේශයේදී පාදයකට සිදු වූ තුවාලයක් හේතුවෙන් පීඩා විඳිමින් සිටියදී සොයාගත් අවුරුදු 18 ක් වයසැති මෙම පිරිමි වන අලියා වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා මෙලෙස උඩවලව ඇත් අතුරු සෙවන වෙත මාරු කර යවා ඇත.
ප්‍රධාන පශු වෛද්‍ය මාලක අබේවර්ධන සඳහන් කළේ, මෙම වන අලියාගේ පාදයක අස්ථියකට සිදුව ඇති හානියක් හේතුවෙන් ඌට ඇවිදීමට අපහසුතාවයක් මතුව ඇති බවයි.
මේ හේතුවෙන් සත්වයාට ප්‍රමාණවත් පරිදි ආහාර ලබා ගැනීමට නොහැකි වී ඇති අතර, ඒ හේතුවෙන් එම වන අලියා මන්දපෝෂණ තත්ත්වයෙන් ද පෙළෙන බව හඳුනාගෙන තිබේ.
එමෙන්ම, පශු වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම වන අලියා පරපෝෂිත ආසාදනයකින් ද පෙළෙන බවයි.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, උඩවලව ඇත් අතුරු සෙවනේදී මෙම වන අලියාට මේ වන විට නොකඩවා පශු වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් පවතින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart