
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අම්බුළුවාව කන්දේ බෑවුමක් ආශ්‍රිත ස්ථාන කිහිපයක් නායයාමේ අධිඅවධානම් කලාපයක් ලෙස සලකා නිවාස 18ක වැසියන් වහාම ඉවත් කරන ලෙසත්, එම ප්‍රදේශ ඉදිකිරීම් සහ සංවර්ධන කටයුතුවලින් තොර නායයාම් අධිසංවේදී කලාපයක් ලෙස සලකා සංරක්ෂණය කළ යුතු බවත් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දී තිබේ.
අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ පිවිසුමෙන් ඇතුළුවී මද දුරක් ගිය පසු පොළවේ තිබුණු පැල්මක් නිරීක්ෂණය කළ ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිරීක්ෂණ කණ්ඩායම එම පැල්ම දිගේ පහළට ගොස් එම ප්‍රදේශයේ නිවාස නිරීක්ෂණය කළ එම නිවාස 07ක් අධි අවධානම් කලාපයේ තිබෙන බවත්, නිවාස 06ක් මධ්‍ය අවධානම් කලාපයේ තිබෙන බවත් වාර්තා කර ඇත.
එසේම අම්බුළුවාව කන්දේ තවත් බෑවුමක පිහිටි පැලුම් කිහිපයක් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිරීක්ෂණය කළ අතර ඒ අනුව අම්බුළුවාව වත්තේකඩේ ප්‍රදේශයේ නිවාස සහ ගොඩනැගිලි 11ක් අධි අවධානම් කලාපයක පිහිටා ඇති බවත්, නිවාස 12ක් මධ්‍ය අවධානම් කලාපයක පිහිටා ඇති බවත් වාර්තා කර තිබේ.
ඒ අනුව ඉහත අධිඅවධානම් ප්‍රදේශවල භූමි ප්‍රදේශ ඉදිකිරීම් හා සංවර්ධන කටයුතුවලින් තොර කර නායයෑමේ අධි සංවේදී කලාපයක් ලෙස සලකා සංරක්ෂණය කළ යුතුවේ.
මධ්‍ය අවධානම් ප්‍රදේශවල ජීවත්වන වැසියන් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කළ පසු හෝ වර්ෂාපතනය නිශ්චිත දක්වන ප්‍රමාණයට වැඩිනම් ඉවත් වන ලෙස දැනුම් දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart