
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙණියාය මූලික රෝහලට අයත් ගිලන් රථයක් මොරවක අතුඇළ තුන්බෝධිය අසලදී පෙරේදා (16) රාත්‍රී මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව ඇතැයි මොරවක පොලීසිය පවසයි.
දෙණියාය මූලික රෝහලේ සිට රෝගීන් දෙදෙනෙකු මාතර මහරෝහලට ගිලන් රථයෙන් රැගෙන යන අතරතුර මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පැවැසීය.
ගිලන් රථය අනතුරට ලක්ව ඇත්තේ පෙරේදා (16) රාත්‍රී 11.00 – 12.00ත් අතර කාලයේ බවත් අනතුර සිදුවන අවස්ථාවේ ගිලන් රථයේ රියැදුරු, රිය සහායක, සෞඛ්‍ය කාර්ය සහයකවරියක, රෝගීන් දෙදෙනෙකු සමඟ පස්දෙනකු ගමන් කර ඇත.
අනතුරින් පසු ගිලන් රථයේ රියැදුරු පළාගොස් තිබූ බවත් පළාගිය රියැදුරු ඊයේ (17) උදේ පොලීසියට පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බවට පොලීසිය පැවැසීය.
අනතුරින් කිසිවකුටත් තුවාල සිදුව නැති අතර ගිලන් රථයේ සිටි රෝගීන් දෙදෙනා වෙනත් ගිලන් රථයකින් රෝහල්ගත කර තිබිණි.
අත්අඩංගුවට ගත් ගිලන් රථයේ රියැදුරා අනතුර සිදුවන අවස්ථාවේ බීමතින් සිටියාද යන්න තහවුරු කර ගැනීමට වෛද්‍ය පරීක්ෂණයක් සිදුකරන බවට පොලීසිය පැවැසීය.
ගිලන් රථයේ රියැදුරා මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මොරවක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.ඒ. පනාවලගේ උපදෙස් මත රථවාහන අංශයේ නිලධාරීන් විසින් අනතුර සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ සිදුකරයි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart