August 23, 2023

රජය සතු අඹේවෙල කිරි ගොවිපොළේ සිදුවන අනවසර මැණික් ගැරීමක් සම්බන්ධව විමර්ශනයක් සිදු කරන ලෙස කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර ජාතික පශු සම්පත් මණ්ඩලයට උපදෙස් ලබාදී ඇත.

දැනට මෙරට වැඩිම හා වටිනාම මැණික් ප්‍රමාණයක් අඹේවෙල කිරි ගොවිපලට අයත් භූමියේ ඇතැයි සැළකේ.

ඇතැම් බාහිර පුද්ගලයන් මෙම ඉඩමට හොර රහසේ ඇතුළුව මැණික් ගැරීම සිදුකරන බවට තොරතුරු ලැබී තිබෙන බැවින් එම කටයුතු නැවැත්වීම සඳහා වහාම මැදිහත්වන ලෙස ඇමැතිවරයා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට උපදෙස් ලබාදී තිබේ.

රටේ කිරි කර්මාන්තය නැංවීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (22) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්වූ අතර එහිදී මෙම කරුණු සකඡාවී තිබේ.

එම අවස්ථාවට පශු සම්පත් අංශයේ නිලධාරින් මෙන්ම පෞද්ගලික අංශය නියෝජනය කරන කිරි කර්මාන්තකරුවන්ද සහභාගිවී තිබේ.