
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොමිසමක් හෝ තේරීම් කාරක සභාවක් පත්කර ජල ප්‍රශ්නයට මුල් වූ කරුණු සොයා බැලිය යුතු බව, කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පවසයි.
රටේ ජලාශ සියල්ල එක් ස්ථානයකින් පාලනය කළ යුතු බව ද ඔහු සඳහන් කරයි.
රටට ජල ප්‍රතිපත්තියක් අත්‍යාවශ්‍ය බවද පවසන ඇමැතිවරයා, වළව ගොවීන්ගේ ගැටලුව තවම සම්පූර්ණ විසඳුමක් ලැබී නොමැති බවද කියා සිටියි.
තවමත් අවසාන කොටසේ ගොවීන්ට ජලය ලැබී නොමැති අතර නිකුත්වන ජලයෙන් වැඩි ප්‍රමාණයක් දැඩි වියලි පොළව උරාගන්නා බවත් ඔහු පැවසීය.
“මේ ගැටලුවට වගකියන්න ඕන කවුද කියල හොයන්න ඕන. කොමිසමක් හෝ තේරීම් කාරක සභාවක් පත්කරල ඒක බලන එක වැදගත්. නිලධාරී යාන්ත්‍රණය තුළත් ගැටලු තියෙනවා. එයාල හරියට මේක අවබෝධ කරගත්තෙ නෑ”
ඇමැතිවරයා ජනමාධ්‍ය වෙත වැඩිදුරටත් එලෙස සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart