Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
අධික මත්පැන් මිල සහ පරිභෝජන ඉල්ලුමේ තියුණු පහත වැටීම සැළකිල්ලට ගනිමින්, සාමාන්‍ය ජනතාවට දැරිය හැකි මිලකට මත්පැන් ලබාදෙන ලෙසට මෙරට ප්රමුඛ පෙළේ මත්පැන් නිෂ්පාදකයන් පසුගියදා රජයෙන් ඉල්ලීමක් කර ඇති බව ආරංචි මාර්ග අනාවරණය කරයි.
සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පසුගිය සතියේ ප්රමුඛ පෙළේ මත්පැන් නිෂ්පාදකයන් පිරිසක් සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර පැවති විශේෂ හමුවකදී මෙම ඉල්ලීම සිදුකර ඇතැයි පැවැසේ.
මෙම රැස්වීමේ දී ඉහළ යන මත්පැන් මිල සහ මත්පැන් පරිභෝජනය තියුනු ලෙස පහත වැටී ඇති බවට මෑතක දී පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳව අවධානය යොමුව ඇත.
රජය විසින් මත්පැන් සඳහා බදු වැඩි කිරීම සහ දේශීය ස්ප්‍රීතු මිල ඉහළ යෑම හේතුවෙන් පසුගිය මාස කිහිපය තුළ තම සමස්ත අලෙවිය 40% කින් පහත වැටී ඇති බව නිෂ්පාදකයන් මුදල් රාජ්‍ය ඇමැතිවරයාට පෙන්වාදී තිබේ.
‘ගල් අරක්කු’ ලෙසින් පාරිභෝගිකයන් අතර ප්‍රචලිත මත්පැන් වර්ගයේ මිලි ලීටර් 750 බෝතලයක් රජයේ සියලුම බදුවලින් පසු දැනට රුපියල් 3,000ක් වන අතර එහි ‘කාල බෝතලයක්’ රුපියල් 750ක් වේ. සාමාන්‍ය ජනතාවට හෝ දෛනික වැටුප් ලබන කම්කරුවකුට රුපියල් 750ක් ගෙවා අරක්කු කාල බෝතලයක් මිලදී ගත හැකිද යන්න පෙන්වාදී ඇති නිෂ්පාදකයන්, මේ නිසා සෞඛ්‍යයට අනතුරුදායක හොර ස්ප්‍රීතු හෝ කසිප්පු වැනි මිල අඩු විකල්ප වෙත ජනතාව යොමු වන බවද පෙන්වාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart